(අංජුල මහික වීරරත්න)
යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම නිසා නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බව කෘෂි නව්‍යකරණ අංශයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්හ.
මෙම බීජ අර්තාපල් තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර පෞද්ගලික සමාගමක් ඒවා ආනයනය කර තිබේ.
යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට මෙට්‍රික් ටොන් 20ක් වන බීජ අර්තාපල් තොගය ගබඩා කර තිබිණි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10කි.
ඒ අනුව මෙම බීජ අර්තාපල් නරක් වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරාම යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව නිසා ගබඩාවට ජලය කාන්දු වීම බව ද අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සමාගමේ නමත් දැම්මනම් වටිනවා. ඇත්තෙන්ම ඒ වගේ මනුස්සකම් තියෙන සමාගම් අද නැතිම තරම්. ඔවුන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවම වේවා!