
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ ව්‍යාපාරිකයින්කිහිප දෙනෙකුට අයත් බව කියන හෝටලයක කාමරය සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි
ගංජා සහ මත්ද්‍රව්‍යය භාවිතා කිරීම අලෙවි කිරීම සඟවාගෙන තබාගෙන ඇතැයි යන තොරතුරක් මත දඹුල්ල පොලිසිය සෝදිසි මෙහෙයුමක නිරත විය.
මෙම ස්ථානයේ විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන ස්ථානයක් බව අනාවරණය කර ගත් බව දඹුල්ල මූලස්ථාන පොලිසිය කියයි
මිට පෙර මෙම ස්ථානයේ තිබී විශාල ගංජා ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ
අංක තහඩු පිළිබඳව ප්‍රශ්න කිරීම් වලදී ඒවාට නිසි පිළිතුරු ලබාදීමට අපොහොසත් වී තිබෙන බවත් දිවයිනේ පළාත් කිහිපයක වාහන අංක තහඩු සොයාගත් බවත් මෙහි යම්කිසි අපරාධයක් සිදු කිරීම සඳහාද එසේත් නොමැති නම් ව්‍යාජ ලෙස අංක තහඩු යොදා වාහන අලෙවි කිරීම සොරකම් කිරීම ආදී වෙනත් කටයුත්තක් සිදු වෙනවාද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන බව දඹුල්ල පොලිසිය කියයි.
හෝටලය පරීක්ෂා කිරීමට අමතරව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණ පරික්ෂා කිරීමේදී පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හම්බ වුණත් ලන්සාවානම් හම්බ වෙන්නේ නැහැ...