
(අංජුල මහික වීරරත්න)
චෙක්පත් වංචා වැළැක්වීම සදහා විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ කමිටු වාර්ථාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අද බාර දුන්නේය.
චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේ නීති වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් මෙම වසර මුල භාගයේදී පත් කර තිබූණි.
දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාව සකස් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් වයසක අයනේ හදලා තියෙන්නේ...?
බොහෝ රටවල්වල දැන් චෙක්පත් භාවිතය සම්පූර්ණයෙන් නවත්තලා ඊට වඩා දියුණු ක්‍රමවලට ගිහින්... ලංකාවේ තවම චෙක්පත් වංචා මැඩලීමට නව නීතිත් ගෙනාවා...