
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි.
ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29 ) මෙම අනතුර සිදුව ඇති බව කියයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි. ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනයට ගැහුවේ අපරාදෙ.. ඒක ඇතුලේ හිටිය අයට ගහන්න තිබුණේ...
"එහි සිටි ඇමැතිවරයා දැක දැඩි ලෙස කෝප වී..." මරු ඕයි. ඕන්න නියම ට්‍රෙන්ඩ් එකට ආවා. දිගටම දෙන එකයි යුතුකම...
දැන්ම මිනිස්සු මෙහෙම ප්‍රතිචාර දැක්වෙනවා නම්, ඡන්ද ප්‍රතිඵල කොහොම වේවිද?
අධික ජීවන බර නිසා දුප්පත්, පෝසත් සියලු දෙනාම ඉන්නේ ඉන්නේ පීඩනයෙන්, අනාරක්ෂිත ලෙස වාහන පදවන වාහනය තුළ ඉන්න ඇමැති දැක්ක ගමන් තවත් කෝපයට පත්වෙලා පහර දෙන්න ඇති... දැන් අනතුරක් නොකළත් මේ ගොල්ලන්ට දුටුතැන ගල් ගහන්න, පහර දෙන්න මිනිස්සු පෙළඹිලා රටට කරපු විනාසේ දැක්කාම නිහඬව ඉන්න බැහැ..
මේ වගේ අපතයින්ට ජනතාව විසින් පාඩම් උගන්වන්න කාලය ඇවිත් තියෙන්නේ. දුර්වල රනිල් කරන්නේ ජනතාව පීඩාවට පත්කරන එක විතරයි.
නියමයි... මිනිස්සු ඔහොම තමයි ඉන්න ඕනෑ...
පුත්තලමේ බූරු ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් පසු එම වාහනයේ ගමන්ගත් පිරිස බූරුවරයාගේ වාහනයට පහර දී අලාභහානි කර ඇත.!!! දෙයියෝ සාක්කිවලට දාන්න ඕනේ..!!! පල් හොරු ගෙදර යන්න..!!!
පුත්තලම් බූරුවාට නෙලලා නැද්ද? යස වැඩේ, කාකි එව්වාට ඉක්මණට ක්‍රියාත්මක වෙනවා...
ප්‍රහාරය දෙන්න තිබුණේ ඇමැතිට...
පුද්ගලයාට ගැලපෙන පරිදි ප්‍රථිචාර දැක්වූ එම ව්‍යාපාරික මහතාට අපගේ ප්‍රණාමය...!
පොලිස් ආරක්ෂාව වැඩි කරගන්න මෙයාගේ ගේමක්ද කොහේද?
රාජ්‍ය ඇමැති ලාච්චුවේ දාන්න ඕනෑ...
චින්තක, දේශපාලුවෙක් ගිය එකක් හැපුණා කියලා, දේශපාලුවාට හා වාහනයට ගැහුවාම හරි. මිනිස්සු ඔහොම තමයි ඉන්න ඕනෑ...
කෝටිපතියාට තව තව කෝටි ගණන් ලැබේවා...!
ඔයිට වඩා යමක් කරන්න තිබුණා...
මෙතන ව්‍යාපාරිකයා කරපු එකම වැරැද්ද තමා වාහනේට යකඩ පොල්ලෙන් ගහපු එක, එක ඇතුලෙ හිටපු එකාට ගැහුවනම් අද මුලු රටම කිරිබත් කලා එක සමරනව.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!
සනත් නිශාන්ත පුතේ, ඔය " රිහර්සල්ස් " පමණයි, " ෆයිනල්ස් " වලදී රටේ මිනිස්සු සම්බෝල හදනවා මහපාරේදීම...!
ගහන්න නොවෙයි, තිබුනේ වැලිගම්පිටි යවන්න... කාලකන්නි අය... කෝටිපති මහත්මයාට තවතවත් මුදල් ලැබේවා...!
ඔන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...!
නිශාන්තගේ වාහනයට ගහලා වැඩක් තිබෙනවාද? ගහන්නකෝ වාහනේ අයිති කෙනාට...!
ඔය පෙරහරේ ඉදිරියෙන් එන මල් බයිසිකල් කාරයෙක් පමණි... කසකාරයෝ, ගිනිබෝල කාරයෝ, අලි ඇත්තු ඉදිරියට එනවා. දිනුම් පැරදුම් කෙසේවෙතත් ලබන ඡන්දවලට කැන්වසින් යන්න වෙන්නේ STF ගාර්ඩ් එක දමාගෙන...
මෙහෙම ගියොත් පාරේ දකින දකින V8 නවත්වලා ඒකේ යන පුද්ගලයෝ පරික්ෂා කරලා ඔවුන්ට ගැලපෙන සංග්‍රහයක් කරන්න මිනිස්සු අමතක කරන්න එකක් නැහැ... සනත් නිශාන්තට ඉදිරියට යන්න වෙන්නේ වෙස් වලාගෙන මරුටියක...!
අපේ සල්ලිවලින් ගත්තු වාහන නේද? මගේ බදු සල්ලිත් ඇති ඔතැන...
මම බදු ගෙවන කෑල්ලක් කැඩෙන්නම ගහලා.
දැන් ඔය වාහනේ හදන්න යන්නෙත් අපේම සල්ලි... වෙන රස්සාවක් කියලා කරන කෙරන කෙනෙක්ද? නැහැනේ?
අපේ රටේ බොහෝමයක් ත්‍රාඩ දේශපාලකයින් හැසිරුනේ ඔවුන් පිටසක්වලින් ආපු අමුතු ජාතියක් ලෙසයි. ඔය වගේ ලෙඩ්ඩු කවුරුවත් ආයේ පාර්ලිමේන්තු එවන්නේ නැත.. තැනට වැඩ කරන්න ජනතාව වගබලාගත යුතුයි. නමුත් රිය අනතුරක් වුණා කියලා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ. මෙතැන කමෙන්ට් කරලා තියෙන බොහෝ අයට එයාලාගේ මතය වැරැදි බව තේරෙන්නේ එයාලාටත් ඔවැනි තත්වයකට මුහුණ දෙන්න වුණුදාටයි. මොකද අපේ පාරවල්වල වාහන පදවන අයගෙන් 99.99% ක්ම රිය පදවන්නේ කිසිම විනයක් නැතිවයි. ඕක තමයි තිත්ත ඇත්ත...
කෝටිපති ව්‍යාපාරිකයා ගාව තුවක්කුවක් තිබ්බා නම් මරු...
දක්වා තියෙන ප්‍රතිචාර අනුව පේන්නෙත් බොහෝ දෙනෙක් කියන්නේත් තමන්ට පාඩුවක් වුණත්, නැතත් පාරෙදී වාහන අනතුරක් වුණොත් වාහනයට හා රියදුරුට පහරදීම හරි කියලා තමයි... මෙහෙම ගියොත් රටේ නීතියක් නැති තත්වයක් ඇතිවෙන්න පුළුවන්... එනිසා දේශපාලුවන්ට පමණක් නොවෙයි, කාගෙ කාගේත් අතින් වැරැදි සිදුවීම මනුෂ්‍ය ගතියක් බව සිතාගෙන තමන්ගේ අතිනුත් වරදක් වෙච්චි වෙලාවට තම තමන්ටත් ගැහුවාට කිසිම වරදක් නැහැ කියලා සිතාගෙන අදහස් ඉදිරිපත් කළොත් නේද හොඳ?
රටම හොරාකාලා කාබාසීනියා කරපු කාලකන්නි දූෂිත දේශපාලුවෝ හැම එකාටම ඔහොම තමා කරන්ඩ ඕනේ...