IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස්

(ලසන්ත නිරෝෂණ සහ ඩබ්ලිව්.ජේ.ඕපනායක)

කහවත්ත වැල්ලදුර වෙලේවත්තේ 71 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සදහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.

රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ .

 



අදහස් (13)

කහවත්තේ මවගේ ඝාතකයා මාට්ටු:දියණිය නිදහස්

ලලිත් Friday, 29 December 2023 06:49 PM

එතකොට පොලිසිය හරියට සොයා නොබලා අහිංසක දුවණිය අත්අඩංගුවට අරගෙන ඇයට අපහාසයක් කළා කියලා හිතෙනවා... කාර්‍යාලයට පමාවෙලා ගියාලු යන්න විනාඩි හයයිලු... එන්න විනාඩි විස්සයි කියලා නටපු නැටිල්ලෙන් වාර්තා ලියපු දෙයින් ඇය දැඩිසේ පීඩාවට පත්කිරීම සිදුවුණා... ඇත්තටම ඇය දවසේ මැදදී වරුවක් වැඩ කර උදේ හා සවස නිවාඩු ගන්න ඇති... කොහොම වුණත් සිදුවූ අපහාසයට වන්දියක් ගෙවනවා නම් හොඳයි...

:       5       218

RatneSaturday, 30 December 2023 09:15 AM

ඔබ හරි...!

:       0       6

තළණසිරිSaturday, 30 December 2023 01:13 PM

හා දෙන්න බැරියෑ. එන්නකෝ ලොකු මල්ලකුත් අරන්ම, ගොබ්බ ලොජික්...!

:       6       1

Nihal Friday, 29 December 2023 07:30 PM

ලොව දරාගත නොහැකි පළමු පීඩනය, මව ඝාතනයට දරුවෙක් චෝදනා එල්ල වී අත්අඩංගුවට පත්වීම, ඇයට මුහුණ දීමට සිදුවූ දැරිය නොහැකි පීඩාව හරිම කණගාටුයි. පොලිසිවලට මේවා පාඩමකට ගත යුතුයි.. වන්දි දීලා කම්පනය සමාන කළ නොහැකියි...!

:       0       11

Sachith Friday, 29 December 2023 07:33 PM

මේක තවත් පොලිස් ආටක නාටකයක් විතරයි කියලා මම මුලදිම කිව්වා...!

:       1       11

Kapila Friday, 29 December 2023 10:12 PM

ලලිත් ඔයා ඉස්සර පොලිසියේද?

:       4       0

ඉන්දික Friday, 29 December 2023 11:25 PM

පොලිසිය කරපු වැඩේ බලන්න. ඒ අහිංසක දුවව මිනීමරුවා විදියට හංවඩු ගැහුවා. හොයන්නේ බලන්නේ නැතුව කරපු විනාසය. මෙහෙම පොලීසි මොකටද ලංකාවට...?

:       0       8

සෝමපාල Saturday, 30 December 2023 01:41 AM

හරි අසාධාරණ වැඩ මේවා. අහිංසකයෝ මිනීමරුවෝ ලෙස සැක කරනවා පොඩි හේතු දක්වලා. දැන් මේ දුවට වෙච්චි අපහාසය, අපහසුතාවය. රිමාන්ඩ් එකේ දුක් විඳපුවාට මොකද කරන්නේ....?

:       0       8

කුමාර Saturday, 30 December 2023 04:32 AM

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරියගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය කරන ලද ස්ථානීය පරීක්ෂණවලදීද පොලිස් නිල සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි. මෙම ඝාතනයට අදාලව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති පවසයි. පොලිසිය හාවා වලහා කරනවා වගේ...

:       0       9

සුන්දරා Saturday, 30 December 2023 06:43 AM

ඇත්තටම පොලිස් සුනඛයාත් වැඩේ වරද්දපු අවස්ථාවක් කියන්න පුළුවන් කමක් නැද්ද?

:       0       2

nazeer Saturday, 30 December 2023 09:03 AM

එකඟ වෙනවා...!

:       0       1

dupul Saturday, 30 December 2023 10:12 AM

මේ වගේ අහිංසකයෝ කීදෙනෙක් නිරපරාදේ රිමාන්ඩ් කරලා ඇතිද?

:       1       5

SomarathnaSaturday, 30 December 2023 01:10 PM

සහතික ඇත්ත මට නම් 1959 වර්ෂයේ සිද්ධියක් සිහියට එනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 178 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 500 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 274 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 905 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 176 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 406 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site