(සුජිත් හේවාජුලිගේ )
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද(29)මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ.
ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් මාධ්‍යවලින් ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමද තහනම් වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර ටියුෂන් කඩ හැමදාටම වසා දැමිය යුතුයි. කයිවාරු ගසමින් දරුවන්ගේ මනසට විෂබීජ ඇතුල් කරන මේ ගුරුහොරුන් සමාජය විසින් හෙලා දැකිය යුතුයි. මොවුන් කරන්නේ ළමයින්ගේ මොළ සේදීමක්.. මොවුන් සැබෑ ගුරුවරු නෙවෙයි, ගුරු පොරවල්...
ටියුෂන් යනු මේ රටට විනයක්. මෙය රටින් සහමුලින් අතුගා දැමිය යුතු දෙයක්...!
කාලෙන් කාලෙට ඉන්න අධ්‍යාපන ඇමැතිලා විවිධ වැල්බයිලා කියනවා. නමුත් ටියුෂන් මාෆියාවට තිත තියන්න කිසිවෙකුට බැරි වුණා. ටියුෂන් ඔස්තාර්ලා කියන්නේ ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් ජාතියක්. අපේ රටේ දැනට තියෙන කාලකන්නි අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම වෙන්ස්කරනකන් මේ ටියුෂන් මාෆියාව පවතිනවා. කණගාටුව උසස්පෙළ ප්‍රශ්නපත්‍ර හදන සමහර වී වී ආචාර්යවරුත් ටියුෂන් ඔස්තාර්ලාගේ මුදලට නැටවෙන එකයි. ඉතා ප්‍රසිද්ධ කාරණයක්නේ 2000 දශකයේ මුල් භාගයේ උසස්පෙළ ප්‍රශ්න පත්‍රය සකස්කරපු ජපුර සරසවියේ හිටපු පීඨාධිපති වරයෙක් මිනිහා උසස්පෙළ සිසුන් වෙනුවෙන් ලියපු පොත ටියුෂන් ගුරුවරුන් ලවා විකුණවා ගන්න අතරේ ප්‍රශ්න පත්‍රයේ සමහර කරුණු ටියුෂන් ගුරුවරුන්ට වික්කා කියන එක... මේවගේ කාලකණ්ණිත් අපේ රටේ ඉන්නවානේ..!
ටියුෂන් සහමුලින් අතුගා දැමිය යුතුයි...!
"යුක්තිය මෙහෙයුම 2" පටන්ගන්න ඕනේ මේ ටියුෂන් මාෆියාව නැති කරන්න. කුඩු, පාතාලේ වගේ මේකත් නැති කරන්න ලේසි නෑ. උගත්, බුද්ධිමත්, මොලයක්, කොන්දක් තියෙන අධ්‍යාපන ඇමැතිවරයෙක් ඕනේ මේක නැතිකර ගන්න... රොෂාන් වගේ... නැතුව ඔහේ කියවන කට්ටියගෙන් වැඩක් නෑ...!