(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයේ  අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ  බව පාරිභෝගිකයෝ පවසති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1300 ත් 1500 ත් අතර තොග මිලයකට අලෙවි වන බවත් සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු 1800 ක මිලයකට අලෙවි කෙරේ .

අමු මිරිස් ග්‍රෑම් 100ක් ට කරල් 12 ක් පමණ ප්‍රමාණයක් හසුවන අතර ඒ අනුව අමු මිරිස් කරලක් රු 15ක මිලක් පවතින බව ජනතාව කියති.