(නිමල කොඩිතුවක්කු)
ජල බිල්පත් ගෙවීම සියයට පහළොවකින් පමණ පහළ ගොස් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා ප්‍රකාශ කළේය.
හිඟ බිල්පත් මගින් මණ්ඩලයට රුපියල් බිලියන 12ක පමණ මුදලක් අයවිය යුතු බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.
ජල බිල මාස්පතා ගෙවනු ලබන්නේ සමස්ත පාරිභෝගිකයන්ගෙන් සියයට පනහක පමණ පිරිසක් පමණක් බවත් ඔහු කීවේය.
ජල බිල නිකුත්කර දින 14ක් තුළ ගෙවන්නේ නම් සියයට එකයි දශම පහක වට්ටමක් හිමිවන බවත් දින 30 ඉක්මවා යන්නේ නම් සියයට දෙකයි දශම පහක වැල් පොලියක් එකතු වන බවත් ගජධීරආරච්චි මහතා පැවසීය.
ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවා නම් එක දවසක් පරක්කු කරන්නේ නැතිව බිල ගෙවයි... සල්ලි නැතිනම් මොකද කරන්නේ...?
ඔහොම යන්... තව ටික දවසකින් 50%, 25% හෝ ඊට වැඩියෙන් වීම වළකා ගන්න බැරිවෙයි...!
ඉදිරියේදී ඕක තවත් අඩු වෙනවා... ඕවා සාමාන්‍ය දේවල්...!
බඩුමිල දරාගන්න බැහැ. ලැබෙන වැටුප ජීවත්වන්න මදි. වැටුප් වැඩි නොවී බඩුමිල ඉහළ යනවාට මදිව තව තවත් අළුත් බදු එකතු කරන කොට බිල්පත්ගෙවන්න මුදලක් ඉතුරු වෙන්නේ නැතිබව දකින්න මොලයක් නැද්ද? තවටික දවසකින් ජලය විදුලිය වෙනුවට ලිංජලය ලාම්පුතෙල් කුප්පි තමයි පාවිච්චි කරන්න වෙන්නේ...!