(අංජුල මහික වීරරත්න)
වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් මෙම කාර්යය කරන බවද තනූජා පෙරේරා මහත්මිය කීවාය.
මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.
තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.
දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිලධාරයිනි, ඔබ දේශපාලකයින්ගේ ලණු කෑමට මොහොතකට පෙර, හිටපු සෞඛ්‍ය ලේකම්, චන්ද්‍රගුප්ත ලොක්කන්ගේ සිහියට නගාගන්න... ධර්මය කුමක් වුවත් කර්මය එකයි කාටත්...!
ආර්ථික විෂය දැනුමක් අවශ්‍ය නෑ.. බදු ගැහුවාම ඊට සාපේක්ෂව මිල වැඩිවන බව තේරුම් ගන්න...!
ඉතින් එහෙමනම් මාසික වියදම කීයකින් වැඩි වෙනවාද කියලා ආසන්න වශයෙන්වත් කියන්නකෝ...!
රෙදි වලට වැට් තියෙනවද?
මේවා රජය පැත්තෙන් නිවැරැදිව දැනුවත් කරන එක හොඳයි... නැතිනම් පටු අරමුණු වලට බොරු ප්‍රචාර කරලා ඡන්ද ගන්න කට්ටියක් බලන් ඉන්නවා.
තමන්ගේ තනතුර රැකගන්න කෝටි මිනිස්සුන්ට බදුබර පටවන එක සාදාරනීයකරන එකට හෙන ගහනවා කියන්න ඇර වෙන දෙයක් ඔළුවට ආවේ නෑ. හරි 40000ක් යන්නේ නෑ කියමුකෝ. 20000ක් ගියා කියමු. කොහොමද මේවා මිනිස්සු ගෙවන්නේ කියලා IMF එකෙන් අහන්න. ඔවුන් කියන පදේටම නටන්න ඕනෑ නෑ...
ඒ අයත් එකයි !!! මේ අයත් එකයි. !!!
හතළිස් දාහක් නොවෙයි, තිස් නව දහස් නවසිය අනූනමයක් වෙන්නැති වඩි වෙන්නේ. මේ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන හරක් තවම රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා තමයි මෙයා මේ කියන්නේ...!
මේ ගොල්ලෝ කරන්න දන්නේම බදු ගහන එක විතරයි...
චණ්ඩිද? අපිත් හරියටම ගන්න උස්සන්නම්කෝ...!
රජය පැත්තෙන් නිවැරැදිව දැනුවත් කරන්න අමුතු දෙයක් නැහැ. බදු වැඩි කළා නම්, සියලු දේ වැඩි වෙනවාමයි.
රජයේ වියදම් අඩු නොකර පෙන්ෂන්, පඩි අනවශ්‍ය විදිහට ගෙවලා රටේ මිනිස්සුන්ට බදුබර වැඩි කළාම හරි යයිද?
තනුජා, ඔයා ඉස්කෝලේ ගියේ කීයටද? ගණන් සාස්තරේ ඉගෙන ගත්තාද? නැතිනම් ඔය ජොබ් එකට ගියේ ඇමතියා ....ඉඳලාද? හරි හරි අපි බලමුකෝ පෙබරවාරි වෙනකොට...!
ජෙප්පො දන්නවද ගණන් හදන්න.... ඔවුන් දන්නේ ගණන් දාන්න...
තනූජා ඔයාලාට ඔය අමාත්‍යාංශයේ තියන පහසුකම් ටික ලබාගන්න පට්ට කෙබර කියනවා නේද?