
( බී.ජී.චතුරංග )
අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වාසීහු පිරිසක්, වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද (28) දහවල් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයෙන් වසා දමමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
වන අලි පහර දීම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 262 තුලාන, වදාකඩ ලිපිනයේ පදිංචි එම්.ඒ. ධනුෂ්ක සංජීව නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
පියා නොමැති පවුලක තම මව සහ සොහොයුරන් දෙදෙනා පෝෂණය කරමින් ජීවත් වූ පවුලේ වැඩි මහල් පුත්‍රයා මෙලෙස අවාසනාවන්ත අයුරින් හැර ගිය බව පවුලේ ඥාතීහු පැවසූහ.
තම කුඹුරට ජලය හැරවීම සඳහා වදාකඩ වැව ආසන්නයෙන් මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගය අසල සැඟව සිටි වන අලියෙකු මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුමක් ගමේ ජනතාවටම යෝජනා කරන්න කියමු. හැබැයි අලි මරා දමන්න බැහැ...