(යොහාන් භාසුර)
මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (28) පැවසීය.
‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයෙක් පසුගිය මැයි 23 වැනිදා පළමු සරම්ප රෝගියා ලෙස හඳුනාගැනීමෙන් පසුව රෝගීන් වාර්තා වීම ආරම්භ වූ බවත් කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති බවත් විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා කීය.
කළුතර, ගාල්ල, මාතර, මහනුවර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මෙන්ම කල්මුණේ ප්‍රදේශයෙන් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවිද්‍යාත්මක මත හේතුවෙන් ‘සරම්ප’ එන්නත නොගත් පුද්ගලයන් 7,500 ත් 10,000 ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින්නේ යැයි උපකල්පනය කරන බව ද සඳහන් කළේය.
එම පිරිසෙන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙන්ම එයින් අති බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවේ වාසය කරන බවත් සරම්ප ආසාදිතයෙක්ට දළ වශයෙන් පුද්ගලයන් 16 කට රෝගය බෝකළ හැකි බවත් ඒ මහතා පැවසීය.
මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇති බව කී වෛද්‍යවරයා පැවසුවේ රෝගය පාලනය කිරීමේ පියවරක් ලෙස එන්නත් වැඩසටහනක් ලබන ජනවාරි මස ආරම්භ කරන බවත්ය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා එසේ පැවසීය.
‘සරම්ප’ රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ශ්‍රී ලංකාව පිළිගෙන තිබූ පසුබිම තුළ එම රෝගය නැවත හිසඑසවීම වඩාත් කැපී පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කියන්නේ... රෝගයක් යාන්තමින් අවසන් කියලා ඒක අත්හැර දැනීම සිංහල අපේ පුරුද්ද නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය බිත්තියේ එල්ලාගෙන ඒකට සුවඳ දුම් අල්ලාගෙන සිටිද්දී පලවාහැරි දේවල් පස්සේ දොරින් ආපසු රිංගනවා... ඒකට උදාහරණයක් ලෙසට කෝවිඩ් රෝගය පෙන්නන්න පුළුවන්.. ලංකාව මෙහෙම ලෝකයේ හිඟන රටක් වීමටත් වැඩවල පසු විපරමක් නොකිරීම හේතුවක් වුණා.. මේනිසා අනාගත දියුණුවක් බලාපොරොත්තු රජයක් මගින් සංවර්ධන පසුවිපරම් අමාත්‍යාංශයක් ඇතිකරනවා නම් හොඳයි කියලා හිතෙනවා...
කෙහෙළිය තමයි, අපේ හාමුදුරුවනේ හොඳටම කරලා තියෙන්නේ.., දැන් ඔක්කෝම සාදු කියන්න. රට බේරගන්න අපි ආයේම එනවා...