(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ගැටලු  හේතුවෙන්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි  විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

එසේම ආචාර්යවරුන් තවත් දහසකට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල  සඳහා නව ආචාර්යවරුන්  බඳවා ගැනීමද මේ වනවිට අඩපණව ඇතැයි චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 6200 ක පමණ පිරිසක්  මේ වසරේ මුල් කාල සීමාවේදී රාජකාරී කළහ.