(නිමල් ජයරත්න)

මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය කියයි.

මොරගහ ගඟකන්ද ජලායේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති එයින පිටවන විශාල ජල කඳ අඹන්ගඟට එකතුවී ඒ ඔස්සේ මහාවැලි ගඟට ගලා ඒම නිසා මහවැලි ගඟ පිටාගැලිමට පටන්ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් සුංගාවිල සෝමාවතී මාර්ගය ද ජලයෙන් යටවී ඇතැයි පොලිසිය කියයි. අධික වර්ෂාව නිසා ඉදිරි පැය කීපයේ ජලමට්ටම මීට වඩා වෙනස් විය හැකි බව ද පොලිසිය සඳහන් කරයි. එසේ වුවහෝත් වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රිකයේ ප්‍රධාන වැව් වන පරාක්‍රම සමුද්‍රය, මින්නෙරිය, කවුඩුල්ල, ඇතුළු ප්‍රධාන වැව් සහ මහවැලි කලාවල කුඩා වැව් සියල්ල පිටාර මට්ටමට පැමිණ ඇතැයි මහාවැලි නිලධාරීහු පවසිති.