(මහින්ද. නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 80 ක් ලංකා සතොසට නිකුත් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ජනතාවට අවශ්‍ය බිත්තර හිගයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි ලංකා සතොසට දිනකට නිකුත් කරන බිත්තර ලක්ෂ 10 ප්‍රමාණය දෙසැම්බර් 31 දක්වා දිනකට ලක්ෂ 20 දක්වා වැඩි කළ බවද ඔහු කීහ.
මේ අතර ලබන ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග දැනටමත් ඇණවුම් කර ඇතැයි පැවසූ සභාපති ආසිරි වලිසුන්දර මහතා ජනවාරි මාසයේදී බිත්තර ලක්ෂ 300 ක් ආනයනය කරන බව ද පැවසීය.
ඉන්දීය බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින් විශාල උනන්දුවක් දක්වන බවද ලංකා සතොස පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ ගණන් බිත්තර ගෙන එන විට ඇමැතියාට කෝටි ගණනින් කොමිස් ලැබෙනවා ඇති...
මේවා කිකිළි බිත්තර නොවේ... නීති විරෝධී ලෙස හදන තනිකර රසායනික ද්‍රව්‍යයක්, රුපියල් 35 දීලා පිළිකා රෝගියෙක් වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු අවදීමෙන් කටයුතු කරන ලෙස අපි ඉල්ලනවා...
I M F ණය තව ඉතුරැ තියනව වගේ.