
(යොහාන් භාසුර)
ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය.
ඉන්ධන සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් සියයට 7.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව කී තනුජා පෙරේරා මහත්මිය ගෑස් සඳහා සියයට 18 ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන සියයට 2.5 ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් කරන බව ද සදඟන් කළාය.
ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය සියයට 18 කින් ඉහළ නොයන බව කී ඇය පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දේවල්වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.
ඉන්ධන සහ ගෑස්වලට අමතරව වරාය හා ගුවන්තොටුපොළ බද්දට යටත් වන තවත් භාණ්ඩ කීපයක් හදුනාගෙන ඇති බවත් එම භාණ්ඩවලට ද බදු ගැලපීම් කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
කොළඹදී අද (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය එසේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ කළින් 7.5 දැන් 10.5 කියන එකනේ...
මිනිසුන්ට පණ යනතුරු බදු ගහලා දැන් රවටන්න පොඩි පොඩි බදු කෑලි ඉවත් කරත් පිනාව අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕනෑ...
7.5% ඉවත්වෙලා... 18% එනවා. ඒ කියන්නේ තෙල් මිලෙන් 7.5% අඩුවෙලා... 18% වැඩිවෙනවා. ආසන්න වශයෙන් 10.5% ට වැඩිවීමක්...
ඔව් එක අයින් කරලා 18% vat බද්ද එක වෙනුවට ආදේශ කරනවා .
රට කරවන දේශපාලු, නිලධාරී පැලැන්තිය හිතාගෙන ඇත්තේ රටේ මිනිස්සු ගොන්නු කියල. මේකෙන් ගාන වැඩිවෙනවා නොකියා වැඩි කරලා, තවත් මිනිස්සු ගොන්නුට අන්දන්න එනවා ගනන් අඩු කලා කියල
ඉන්දන 11.5% කින් වැඩි වෙනව , ගෑස් 15.5% කින් වැඩි වෙනව
බදු ගහන එවුන්ට හෙන හතම වැදීයන්!
මෙහෙම කරලා ඊළඟට කියාවි වරාය පාඩුවට දුවන්නේ... ඒ නිසා ඊළඟ අයවැය මගින් අඩුකළ 7.5%ක බද්ද නැවතත් ගෙනේවි කියලා හිතෙනවා. මෙහෙම නොකර වරායේ බද්ද එසේම තියෙද්දී අනෙක් බදු 10.5% කින් වැඩි නොකළ හේතු මොනවාද? වරායට ලැබුණත්, වැට් එකෙන් ලැබුණත් ඒවා රජයේ ආදායම් වෙන්නේ නැද්ද? නොදන්නා නිසා අහන්නේ... පැහැදිලි කරන්න...
මෙතන කොටන සමහර අය ඕන බද්දක් ගහනවට කමක් නෑ වගේ කතාව. ඒත් බැලුවොත් පෙනෙයි තමුන් හරියට බදුගෙවනවද කියලා. ජනතාව බදු ගෙවන්න ඕනෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් බදු මුදල්වලට වෙන්නේ මොකද කියලා අපි හැමෝම දන්නවනේ. රාජ්‍ය පරිපාලන වියදම් වල වියදම් අඩුවීමක් නෑනේ. රට සවාරි යනවා, 30ක් විතර එක්ක යනවා.
කවුරු මොනවා කීවත් අවසානයේ සිදුවන්නේ, සියලුම භාණ්ඩ වල මිල වැඩිවීමයි.. රාජ්‍ය බදු ආදායමින් පාලකයින් නඩත්තු කරනවා හැර, රටේ ආර්ථික දියුණුවට යමක් සිදුවේ යයි ඔබ විශ්වාස කරනවාද..? හිටපු ජනාධිපතිවරුන්, වර්තමාන ජනාධිපති හා කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ඇමැතිලා, නියෝජ්‍ය ඇමතිලා, පළාත්සභා, ප්‍රාදේශීය සභා, නගරසභා ඇතුළු මේ හැත්ත බුරුත්ත නඩත්තුවට යන වියදම රටකට දරාගත හැකිද..? ඊට අමතරව ඔවුන්ව ආරක්ෂා කිරීමට සිටින ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසිය වෙනුවෙන් දරන වියදම කොපමණද? ඊටත් අමතරව ජනතාවගේ මුදලින් පෝෂණය වී, පාලකයින් පත්කිරීමේ ප්‍රමුඛ කාර්යය කරන තක්කඩි පූජකයින්ට පාලකයින් විසින් වරප්‍රසාද දෙන්නේත් මේ ජනතාවගෙන් අයකරන බදු මුදලෙන්ම තමයි. මේ කිසිවෙක් රටේ ජාතික නිෂ්පාදනයට රුපියලකින් හෝ දායකත්වයක් ලබා දෙනවද..? ඒ වගේම පාලකයින් පත්කිරීමට දායක වෙන ව්‍යාපාරිකයින්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිසිලෙස බදු නොගෙවීමෙන් රාජ්‍ය බදු ආදායම කොතරම් අහිමි වෙනවාද..? මේක හොර කල්ලියක් අතට පත්වුණු රටක්.. කරන්න දෙයක් නැහැ.. මේ රටේ ඉපදුණු පවට බදු ගෙවාගෙන ජීවත් වෙයල්ලා..