
(ගයාන් සූරියආරච්චි)
බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය.
එහිදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ඉකුත් අප්‍රේල් මාසයේ පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු හෙළිදරව් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණෙන්ම පේනවා කවුද කියලා...!
මහ මොලකරු සාගල කියලා කියන්න ඇති අපේ හාමුදුරුවනේ...!
ඔව්, එළියේ ඉඳන් කෑගැහුවාට වැඩක් නැහැ. මහමොල කරුවන් කිය කියා ඉන්නේ තමන් මහ මොලකරුවන් කව්ද කියලා දන්නා නිසානේ. එහෙනම් අදාළ තැන් වලට කියන්න මහමොළ කරුවෝ කව්ද කියලා.