Asia Property Guru Awards 2025 දී Groundworth සමාගමට විශේෂ ගෞරව සම්මානයක්
ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ විශ්වාසදායී පුරෝගාමියකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයන්ට දිගුකාලීන වටිනාකමක් සහතික කරමින්, සුවිශේෂී ආයෝජනයක් අත්පත් කර දෙන ආකාරයේ ඉඩම් හඳුන්වා දීම සඳහා Groundworth හි කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු කරයි.