
ශ්‍රී ලංකාවේ නේවාසික නිවාස සැලසුම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් Ishara Homes Pvt Ltd Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී Sri Lanka’s Best House Design and Construction Company 2026 සම්මානයෙන් පිදුම් ලැබීය.
වාස්තු විද්‍යාත්මක සැලසුම්, ඉංජිනේරු විශේෂඥතාව සහ ඉදිකිරීම් හැකියාව ඒකාබද්ධ කරමින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පුද්ගලානුබද්ධ කළ නිවාස විසඳුම් සැපයීම වෙනුවෙන් Ishara Homes සිදු කර ඇති මෙහෙවර මෙම සම්මානය මගින් ඇගැයීමට ලක් කරයි. Ishara Homes Pvt Ltd නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කසුන් ගයාෂාන්ගේ නායකත්වයෙන් සමාගම වාස්තු විද්‍යාත්මක සැලසුම්, ව්‍යුහාත්මක ඉංජිනේරු සේවා, අභ්‍යන්තර සැලසුම් සහ ඉදිකිරීම් ඇතුළු පුළුල් පරාසයක නේවාසික සංවර්ධන සේවා සපයයි. මූලික සංකල්ප නිර්මාණයේ සිට සැලසුම්, ඉදිකිරීම් සහ ව්‍යාපෘති නිමාව දක්වා සියලු අදියර එකම ඒකාබද්ධ ක්‍රියාවලියක් යටතේ කළමනාකරණය කිරීම සමාගමේ විශේෂත්වයකි.
2025 සහ 2026 වසරවලදී Ishara Homes වෙත හිමි වූ සම්මාන සහ ඇගැයීම් මාලාවට මෙම නවතම සම්මානයද එක්වන අතර ශ්‍රී ලංකාවේ නේවාසික සැලසුම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම ගොඩනගාගෙන ඇති වර්ධනය වන ස්ථාවරත්වය එමගින් පිළිබිඹු වේ. සුඛෝපභෝගී නිවාස සැලසුම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 14කට අධික පළපුරුද්දක් ඇති Ishara Homes ශ්‍රී ලංකාව පුරා නේවාසික ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.
නවීන, Modern Tropical සහ සුඛෝපභෝගී නිවාස ඇතුළු විවිධ වාස්තු විද්‍යාත්මක සංකල්ප එහි ව්‍යාපෘති කළඹට ඇතුළත් වේ. වාස්තු විද්‍යාඥයන්ගෙන්, ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගෙන්, අභ්‍යන්තර සැලසුම්කරුවන්ගෙන් සහ සිවිල් ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහු විෂය ක්ෂේත්‍ර විශේෂඥ කණ්ඩායමක් සමාගමේ කටයුතු සඳහා සහාය වෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ තම නිවස සැලසුම් කර ඉදි කිරීමට වෘත්තීයමය හා විශ්වාසනීය සේවා සැපයීමද Ishara Homes සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. මෙම නවතම සම්මානයත් සමග Ishara Homes හි වෙළෙඳ නාම ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් වන අතර පාරිභෝගික අවශ්‍යතාවලට අනුව නිර්මාණය කළ නේවාසික සැලසුම් සහ ඉදිකිරීම් විසඳුම් සපයමින් සිය ව්‍යාපෘති කළඹ තවදුරටත් පුළුල් කිරීමට සමාගම අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd