ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳපොළ සන්නිවේදන තාක්ෂණයේ නවතම යුගයක් කරා රැගෙන යමින්, John Keells Office Automation (JKOA) සමාගම, සාමාන්‍ය ජංගම දුරකතන තාක්ෂණය 4G සම්බන්ධතාවෙන් යා කරන JKOA Classic 4G දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්මාර්ට් ජංගම දුරකතන සීමාවෙන් ඔබ්බට 4G තාක්ෂණය කැන්දන මෙම නවතම හඳුන්වාදීමත් සමග, සාමාන්‍ය ජංගම දුරකතන ^Feature Phones& පාරිභෝගිකයන්ට නවතම තාක්ෂණයේ හැකියාව පහසුවෙන් අත්විඳීමට අවස්ථාව හිමි වේ.  

පසුගියදා Courtyard by Marriott Colombo හි පැවැත්වුණු JKOA ජංගම දුරකථන එළිදැක්වීම සහ නියෝජිත හමුවේදී —Powering Tomorrow Together - එක්ව අනාගතය බල ගැන්වීම” යන තේමාව යටතේ එළිදක්වන ලද JKOA Classic 4G දුරකථනය, එදිනෙදා පාරිභෝගිකයන් වෙත නව පරම්පරාවේ සන්නිවේදන පහසුකම් ලබා දීමේ වැදගත් පියවරක් සලකුණු කරයි.

JKOA සහ ඩයලොග් ආසිආටා පීඑල්සී අතර ඇතිකර ගත් සුවිශේෂී සහයෝගීතාව සලකුණු කරන මෙම නවතම හඳුන්වාදීමෙන්, සාමාන්‍ය ජංගම දුරකතන භාවිත කරන මෙරට පාරිභෝගිකයන් කරා 4G සන්නිවේදන පහසුකම් සමීප කිරීම මෙහි අරමුණයි. ඩයලොග් 4G ජාලය සමගින් පාරිභෝගිකයන්ට පහසුවෙන් සම්බන්ධ වීමට ඇති අවස්ථා පුළුල් කිරීමේ ප්‍රයත්නය විදහා දක්වන මෙම සහයෝගිතාවෙන්, සරල විශේෂාංග සහිතව, පහසුවෙන් භාවිත කළ හැකි නිසාම, සාමාන්‍ය ජංගම දුරකතනවලට හුරු වූ පාරිභෝගිකයන්ටත් දැන් නවතම ජාල සම්බන්ධතා වෙත පහසුවෙන් මාරුවීමට හැකි වේ.

මෙම නිකුතුව පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි පාරිභෝගික වෙළෙඳාම් අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා මෙසේ සඳහන් කළේය. JKOA හි අප සැමවිටම විශ්වාස කළේ හොඳම විසඳුම් ආරම්භ වන්නේ පාරිභෝගිකයන්ට සහ අපගේ අලෙවි නියෝජිතයන්ට සවන්දීමෙන්, ඔවුන්ගේ වෙනස් වන අවශ්‍යතා වටහා ගැනීමෙන් සහ ඔවුන්ගේ ජීවිතවලට සැබෑ වෙනසක් ඇති කරන ආකාරයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් බවයි. JKOA Classic 4G එළිදැක්වීම යනු එම නිරන්තර සංවාදයේ ප්‍රතිඵලයකි. පාරිභෝගිකයන් අගය කරන ෆීචර් ෆෝන් එකක ඇති සරල බව, විශ්වාසනීයත්වය සහ හුරුපුරුදු බව, වර්තමාන 4ඨ සන්නිවේද 4G තාක්ෂණයේ ප්‍රතිලාභ සමග එක් කිරීමට අපට අවස්ථාව ලැබුණි. එමගින් වෙනස්වන වෙළෙඳපොළ හඳුනා ගනිමින්, පාරිභෝගිකයා පෙරදැරිකර විසඳුම් හඳුන්වා දීමෙන් අප සතු නිරන්තර කැපවීම නිරූපණය වේ.”

රුපියල් 7,990 ක් වැනි පහසු මිලකට හඳුන්වා දෙන මෙම නව උපාංගය, ෆීචර් ෆෝන් එකක ඇති හුරුපුරුදු සරල බව සමගින් 4G බලගැන්වීම ලබා දෙන අතර, වෙනස් වන තාක්ෂණය සමග ඉදිරියට යාමට පාරිභෝගිකයාට අවස්ථාව සලසයි. 

වඩාත් පැහැදිලි ඇමතුම් පහසුකම් සඳහා 4G සන්නිවේදනය, අඟල් 1.77 ක සංයුක්ත තිරයක්, 1,000mAh දීර්ඝ කාලීන බැටරියක් සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ටයිප් කිරීමේ පහසුකම මෙම උපාංගය සතු වේ. එමෙන්ම, FM රේඩියෝව, අභ්‍යන්තර torch පහසුකමද මෙහි ඇතුළත් අතර, 16MB - 16MB Internal Memory  ධාරිතාවෙන් යුක්ත වන අතර, නොමිලේ චාජරයක් හා Type-C කේබල් පහසුකමද සමගින් පාරිභෝගිකයන්ට පිරිනැමේ.