ස්පාඤ්ඤ මුහුදේ සංක්‍රමණික බෝට්ටු ගිලී 300 ක් අතුරුදන් සෙනගාලයේ සිට ස්පාඤ්ඤයේ කැනරි දූපත් දක්වා සංක්‍රමණික බෝට්ටු 3 ක ගමන් කරමින් සිටි පුද්ගලයන් 300 දෙනකු පමණ ස්පාඤ්ඤය ආසන්න මුහුදේ දී අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 July 2023
උස්බෙකිස්තානයේ ජනාධිපතිවරණයක් උස්බෙකිස්තාන ජනාධිපතිවරණය ඇරැඹිණි. උස්බෙකිස්තානය යනු මධ්‍යම ආසියානු කලාපයට අයත් රාජ්‍යයකි. උස්බෙකිස්තානයේ ජනාධිපති ධුරය හොබවන 65 හැවිරිදි ෂව්කාත් මිරිසියෝයේව් තෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. 10 July 2023
ඇමෙරිකන් ජනපති බ්‍රිතාන්‍යයේ සංචාරයක ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඒ, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. 10 July 2023
ඇමෙරිකන් ප්‍රහාරයෙන් අයි.එස්. නායකයෙක් මරුට අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත නායක ඔසාමා අල් මුහාජීර් ඝාතනය කිරීමට හැකිවුණු බව ඇමෙරිකන් හමුදාව කියයි. ඇමෙරිකන් හමුදාව අල් මුහාජීර් ඝාතනය කර ඇත්තේ නියමුවන් රහිත ඩ්‍රෝන යානාවකින් පහර දෙමිනි. 10 July 2023
රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. 07 July 2023
ඇමෙරිකාව යුක්රේනයට පොකුරු බෝම්බ දෙනවා යුක්රේන හමුදාවට පොකුරු බෝම්බ ලබා දීමේ සැලැස්මක්, ඇමෙරිකාව සතුව ඇතැයි රුසියාව චෝදනා කරයි. පොකුරු බෝම්බ යනු රටවල් 120 කට වැඩි ගණනක් විසින් තහනම් කරනු ලැබූ බෝම්බ වර්ගයකි. පොකුරු බෝම්බ තහනම් කර ඇත්තේ ඒවායින් සිදුවන මහා විනාශය සැලකිල්ලට ගනිමිනි. 07 July 2023
චීනය සමඟ යහපත් සබඳතා පවත්වනවා නවසීලන්තයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරු චීනය බවත්, චීනය සමඟ යහපත් සබඳතා දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අවධාරණය කර තිබේ. 07 July 2023
‘වැග්නර්’ හමුදා ප්‍රධානියා ආපසු රුසියාවට හමුදා කැරැල්ලෙන් පසු, බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වී සිටි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් යළි රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 July 2023
ස්වීඩන අගමැති ධවල මන්දිරයේ ස්වීඩනය ‘නේටෝ’ සාමාජිකයකු වීම දැකගන්න තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයට ආ ස්වීඩන අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටෝර්සන් හමුවී ඔහු සමඟ සාකච්ඡා කරද්දීය. 06 July 2023
මෙක්සිකෝවේ බස් රථ අනතුරක් මෙක්සිකෝවේ සිදුවුණු බස් රථ අනතුරකින්, බස් රථයේ ගමන් කරමින් සිටි 27 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ. 06 July 2023
රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු අත්හදා බලන්න සතුන් ගන්නේ නෑ රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීමට සතුන් යොදා ගැනීම තහනම් කිරීමට තීරණය කළ බව කැනඩා රජය පවසයි. කැනඩා රජය ගත් මෙම තීරණය, සතුන් සුරැකීමේ සංවිධානවල පැසැසුමට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 05 July 2023
නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ෆෝන් තහනම් 2024 ජනවාරි පළමු වැනිදා සිට, නෙදර්ලන්තයේ පංති කාමරවලින්, ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ ස්මාර්ට් වොච් තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ 05 July 2023
රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. රුසියානු රජය චෝදනා කළේ යුක්රේනය නේටෝ සංවිධානයේත් ඇමෙරිකාවේත් සහාය ඇතිව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය. 05 July 2023
ජනපති පුටින් බලන්න පුංචි අමුත්තියක් ඇවිල්ලා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවෙන් අට හැවිරිදි දැරියක ක්‍රෙම්ලීනයට පැමිණියාය. මල් කලඹක් දී ඇය පිළිගනිමින්, ඇය වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට පුටින් අමතක නොකළේය. 05 July 2023
වාද්‍ය වෘන්දය මෙහෙයවූ රොබෝ වාද්‍ය වෘන්දයක් මෙහෙය වූ රොබෝවකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ. ‘එවර් 6’ නමැති මෙම රොබෝ කොරියානු ජාතික තාක්ෂණ ආයතනයේ නිර්මාණයකි. 04 July 2023
‘බාබි’ වියට්නාමයේ තහනම් ‘බාබි’ බොනික්කන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ, තිරගතවීමට නියමිත ‘බාබි’ හොලිවුඩ් චිත්‍රපටය, වියට්නාමයේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. 04 July 2023
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. 04 July 2023
ඇෆ්නිස්තානයේ සැලූන් තහනම් ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවණ්‍යාගාර තහනම් කිරීමට එරට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ඒ ඔවුන්ටම ආවේණික වූ දලදඬු ෂරියා නීතියට අනුවය. 04 July 2023
‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 02 July 2023
ලෝක බැංකුවෙන් යුක්රේනයට බිලියන 1.5 ක් රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත. 01 July 2023
පුටින් මෝදි කතාබහක් වැග්නර් කුලී හේවා බළඇණියේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකතන කතාබහක් සිදුවිය. 01 July 2023
මෝල්ඩෝවා ගුවන්තොටේ වෙඩි තැබීමක් මෝල්ඩෝවා රාජ්‍යයේ චිසිනෝවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක් සිදුවිය. 01 July 2023
කෙන්යා අනතුරින් 49 ක් මරුට කෙන්යාවේ මාර්ගයක වාහන පොදියක් එකිනෙක හැපී අනතුරක් සිදුවිය. අනතුර සිදුවූයේ වාහන මාර්ගයේ ලිස්සා යෑමෙනි. 01 July 2023
ඉන්දියාවේ බස් රථ අනතුරක් බටහිර ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරින් 25 ක් ජීවිතක්ෂයට පත්වුණු බව වර්තාවේ. බස් රථය අනතුරට පත් වූයේ එහි ටයරයක් පුපුරා යෑමෙනි. 01 July 2023
අඟහරු හෙලිකොප්ටරයෙන් පණිවුඩයක් පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය සමඟ අඟහරු ගවේෂණයට යැවුණු ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් සංඥා යළි ලැබීමට පටන්ගෙන තිබේ. 01 July 2023
වොනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයේ ගින්නක් කැලිෆෝනියාවේ බර්බෑන්ක් පිහිටි ’වොනර් බ්‍රදර්ස්’ චිත්රාගාරයට අයත් ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. 01 July 2023
කුරුල්ලෝ බේරා ගන්න මීයෝ මරණවා නවසීලන්තයේ වෙලිංටන් නුවර වෙසෙන, එම නගරය අයත් පළාතට පමණක් සීමා වුණු කුරුල්ලන් බොහොමයකට මීයන්ගෙන් තර්ජන එල්ල වී ඇත. එහෙයින්, කුරුලු ගහනය රැක ගැනීමට මීයන් මරා දැමීමට නවසීලන්ත රජය තීරණය කර ඇත. 30 June 2023
අගහරු යානය අමුතු දෙයක් දැකලා අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය ’පර්සිවරන්ස්’ ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත. 30 June 2023
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන ’’අයිකන් ඔෆ් ද සීස්’’ ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත. 29 June 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026