විදුලි බල්බය සොයා ගත්තේ කවුරුන්දැයි ඇසුවොත්, එම පැනයට පිළිතුර තෝමස් අල්වා එඩිසන් ය.

ඇමෙරිකන් ජාතික තෝමස් අල්වා එඩිසන් ප්‍රකට විදුලි බල්බය සොයා ගැනීම නිසාම නොවෙයි. ඔහු නවෝත්පාදකයෙකි. චලන පින්තූර කැමරාව, ෆොනෝග්‍රෑෆ් යන්ත්‍රය, දුරකතනය වැඩි දියුණු කිරීම ආදිය කළේ තෝමස් අල්වා එඩිසන්ය.

එඩිසන් මියගියේ 1931 ඔක්තෝබර් 18 වැනිදාය. ලෝකයම එළිය කළ තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම, තවමත් සුරක්ෂිතව, ටෙස්ට් ටියුබයක ඇති බවත්, එය මිචිගන් ප්‍රාන්තයේ ඩියර්බෝන් නගරයේ, ‘හෙන්රි ෆෝඩ්’ කේතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවත් එන්.ඩී.ටීවී. පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

‘ෆෝඩ්’ මෝටර් රථ සමාගම නිපදවූයේ හෙන්රි ෆෝඩ් ය. හෙන්රි ෆෝඩ්ගේ මිතුරා තෝමස් අල්වා එඩිසන් ය.

තෝමස් අල්වා එඩිසන් මරණ මංචකයේ සිටිද්දී, හෙන්රි ෆෝඩ්, එඩිසන්ගේ පුත්‍රයා චාල්ස් ට පවසා ඇත්තේ පියාගේ ‘අවසන් හුස්ම’ සුරක්ෂිතව තබා ගැනීම කළොත් එය වටිනවා කියාය.

ඒ අනුව, පුත්‍රයා එඩිසන්ගේ අවසන් හුස්ම වීදුරු ටෙස්ට් ටියුබයට එක්රැස්කරගෙන ඇත. ඇතැයි පැවැසෙයි. ප්‍රදර්ශනයට තබා ඇත්තේ එය යැයි එන්.ඩී.ටීවී. නාළිකාව පවසයි.

(එන්.ඩී.ටීවී.)