පැපුවා නිව්ගිනියා යන්න ජනපති බයිඩන් සැරැසෙයි
පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.