බයිඩන්ට දත් අමාරුවක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දත් කැක්කුමකින් පීඩාවට පත් වී සිටි බවත්, ධවල මන්දිරයට ආ දන්ත වෛද්‍ය කණ්ඩායමක් එම දත පරීක්ෂා කර එය පිරවීමට කටයුතු කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්‍ය හමුවේ පැවැසුවේය. 13 June 2023
ස්කොට්ලන්තයේ හිටපු නායිකාව අත්අඩංගුවට ස්කොට්ලන්තයේ හිටපු නායිකා නිකොලා ස්ටෲජන් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. 12 June 2023
කැනඩාවේ ළැව් ගිනි දුම නෝර්වේ රාජ්‍යයට පැතිරිලා කැනඩාවේ ළැව් ගිනිවලින් නැගෙන විෂ දුම, මේ වනවිට නෝර්වේ රාජ්‍යය තෙක් පැතිර ගොස් ඇතැයි, නෝර්වේ දේශගුණික, පාරිසරික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 12 June 2023
යුක්රේනයෙන් රුසියන් හමුදාවට ප්‍රතිප්‍රහාර මාලාවක් රුසියානු හමුදාවට එරෙහි දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ කරමින්, නැගෙනහිර යුක්රේනයේ ඩොනෙස්ක් පළාතේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති පළාත් කීපයක් සහ ගම්මාන දෙකක් යළි අත්පත් කර ගැනීමට හැකිවුණු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 12 June 2023
කැනඩා අගමැති ටෲඩෝ යුක්රේනයේ රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය පළ කරන බව පෙන්වීමට, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 11 June 2023
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ජොන්සන් ගෙදර යයි බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය. 11 June 2023
අතරමං වුණු දරුවන් දින 40 කට පසු හමුවෙයි ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගෙන, දින 40 ක්, කොලොම්බියාවට අයත් ඇමසන් වනාන්තරයේ අතරමං වී සිටි, කුඩා දරුවන් සිවුදෙනා සොයා ගැනීමට කොලොම්බියා හමුදාව සමත් විය. 11 June 2023
ප්‍රංශයේ දරුවන්ට පිහි ප්‍රහාරයක් ප්‍රංශ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ ඇනෙසි නුවර උද්‍යානයක කුඩා දරුවන් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය. 09 June 2023
පිලිපීනයේ ගිනි කන්දක් පිපිරේ පිලිපීනයේ ‘මයෝන්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගෙන ඇත. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. 09 June 2023
ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරී 11 ක් මරුට උතුරුදිග ඇෆ්ගනිස්තානයේ අවමංගල්‍යයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 09 June 2023
රහස් ලියවිලි ළඟ තබා ගත්තැයි ට්‍රම්ප්ට චෝදනා රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා ගොනු කර තිබේ. 09 June 2023
මිතුදම් සවිමත් වෙයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 09 June 2023
සහකරුවෙක් නැතිව බිත්තර දාලා කොස්ටා රීකා රාජ්‍යයේ සත්වෝද්‍යානයක, වසර 16 ක් හුදෙකලා වී, ටැංකියක ජීවත් වන කිඹුලියක බිත්තර දමා තිබේ. 08 June 2023
ඉතාලි මන්ත්‍රීවරිය සිඟිති පුතු සමඟ පාර්ලිමේන්තුවේ ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ගිල්ඩා ස්පෝටෙලියෝ ඇගේ සිඟිති පුතු සමඟ පාර්ලිමේන්තු සැසියට සහභාගී වූවාය. 08 June 2023
කැනඩාවේ විෂ දුමාරය ඇමෙරිකාවට කැනඩාවේ ප්‍රාන්ත රැසක දරුණු ළැව් ගිනි පැතිර යමින් පවතින බවත්, ළැව් ගිනි හේතුවෙන් මිලියන 100 කට බලපෑම් එල්ල වී ඇති බවත් කැනඩා රජය පවසයි. වසර ගණනාවකට පසු කැනඩාව මුහුණ දෙන දරුණුතම ළැව් ගිනි ව්‍යාසනය මෙය යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත. 08 June 2023
අගමැති සුනාක් ඇමෙරිකන් ජනපති හමුවෙයි ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. 08 June 2023
පාප්තුමන්ට සැත්කමක් රෝමයේ ගැමේලී ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට උදර සැත්කමක් සිදු කළ බව වතිකානය පවසයි. 08 June 2023
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩන් අධිකරණයට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩන් මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ, ගැටවර වියේ දී තමන්ගේ දුරකතනය ‘ටැප්’ කරමින්, තම දුරකතන කතාබහට හොරෙන් කන් දුන් බවට බි්රතාන්යයේ ‘මිරර්’ මාධ්‍ය ජාලයට චෝදනා කරමිනි. 07 June 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 7 කි. 07 June 2023
වේල්ල කැඩී යෑමෙන් 42,000 ක් අවතැන් යුක්රේනයේ නෝවා කහෝව්කා වේල්ල කැඩී යෑමත් සමඟ මහා ජල කඳට හසුවීමෙන් ගම්මාන සහ නගර 80 ක් මුළුමනින්ම විනාශ විය. උන්හිටිතැන් අහිමිවුණු ගණන 42,000 කි. 07 June 2023
ලොව වායු දූෂණය වැඩිම නගරය නිව්යෝක් ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව, ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් බව විදෙස් මාධ්‍ය පවසයි. 07 June 2023
ජැසෙන්ඩාට ඉහළම ගෞරව සම්මානය නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට එරට ඉහළම ගෞරව සමමානය පිරිනමා තිබේ. ඒ ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස ලබා දුන් නායකත්වය විශේෂ ඇගයීමට ලක් කරමිණි. 06 June 2023
විදුලි කප්පාදුවක්: බංග්ලාදේශය අඳුරේ බලශක්ති අර්බුදයකට මුහුණ දෙන බංග්ලාදේශයේ දිනකට පැය ගණනක විදුලි කප්පාදුවක් සිදුවෙයි. ඉදිරියේ දී විදුලි කප්පාදු කිරීමට සිදුවන පැය ගණන තවත් වැඩි වනු ඇතැයි බංග්ලාදේශ බලශක්ති ඇමැති නස්රුල් හමීද් මාධ්‍ය හමුවේ පැවැසුවේය. 06 June 2023
හයිටියට මහ වැසි: ජල ගැලීම් 42 ක් මරුට කැරිබියානු දූපත් රාජ්‍යයක් වන හයිටියට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, හටගත් ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට හතලිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 06 June 2023
රුසියාවට පහර දෙන්න ඇති තරම් ආයුධ තියෙනවා රුසියාවට පහර දීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ සහ යුදෝපකරණ ඇමෙරිකාව, බි්රතාන්යය, ප්‍රංශය සහ ජර්මනිය ආදී මිතුරු බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇති බව යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුබෙලා ‘රොයිටර්’ පුවත් සේවය සමඟ පවසා තිබේ. 06 June 2023
ප්‍රහාරක ජෙට් යානා කුඩා යානයක් ලුහුබැඳලා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරයට ඉහළින් ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළු විය. 05 June 2023
පිළිකා ඔසුවෙන් සාර්ථක ප්‍රතිඵල ඇමෙරිකාවේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පෙනහලු පිළිකා මර්දනයට නිපදවා ඇති නව ඔසුව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 05 June 2023
sex ශූරතාවලිය බොරුවක් ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් sex championship පැවැත්වීමට තීරණය කර ඇති බවත් එය ලබන 8 වැනිදා ආරම්භ වනු ඇති බවත් ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණු පුවත, ව්‍යාජ පුවතක් Fake news යැයි මේ වනවිට අනාවරණය වී ඇත. 05 June 2023
අනතුරට සම්බන්ධ කාටවත් කිසිදු සමාවක් නෑ පුද්ගලයන් 288 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුරට වගකිවයුතු සියලු දෙනාට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් සැමට දැඩි දඬුවම් ලබා දෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබේ. 05 June 2023
චීනයේ නායයෑමකින් 14 ක් පණපිටින් වැළලෙති චීනයේ සිචුවාන් පළාතේ නායයෑමක් සිදුවිය. චීන මාධ්‍ය වාර්තා කළේ 14 දෙනකු පණ පිටින් වැළලී ගිය බවත්, තවත් 10 දෙනකු අතුරුදන් බවත්ය. අනතුරුදන් 10 දෙනාගේ සිරුරු සොයා සෝදිසි මෙහෙයුම් සිදුවිය. 05 June 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026