
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි.
නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන් සතුවය.
කතානායක ලෙස කෙවින් මැකාති ගත් තීන්දු තීරණ, ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, රිපබ්ලිකන්වරුන් බොහෝ දෙනකුගේ ද අප්‍රසාදයට හේතුවක් වී තිබුණි. මැකාතිට විරෝධයක් මතුවූයේ එහෙයිනි.
මැකාති ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට නිල වශයෙන් ඉදිරිපත් කළේ රිපබ්ලිකන් පාක්ෂික ෆ්ලොරීඩා කොංග්‍රස්සභික මැට් ගේට්ස්ය.
ගේට්ස්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකි. මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට කැරැලි ගැසූ රිපබ්ලිකන්වරුන්ගෙන් වැඩි දෙනා ට්‍රම්ප් හිතවාදීන්ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු එම යෝජනාවට පක්ෂව, මැකාති ධුරයෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස 216 කි. මැකාතිට පක්ෂව ඡන්දය දුන් ගණන 210 කි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිටින සියලුම ඩිමොක්‍රටික් සාමාජිකයන් ගණන 208 කි. ඔවුන් සියලු දෙනා මැකාතිට එරෙහිව ඡන්දය ලබා දුන් බව පැවැසෙයි.
ඇමෙරිකන් කතානායකවරයකු මෙසේ ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(සී.එන්.එන්.)
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි
ලුම්බිණි Wednesday, 04 October 2023 06:33 AM
ඇයි අපට මේක කරන්න බැරි?
Rata PerataWednesday, 04 October 2023 11:58 AM
කොහේ කරන්නද ?අපේ රටේ පොහොට්ටු අපතයන්ට රාජපක්ෂලා ඉස්සරහා චූත් යනවා .දැක්කානේ එකෙක් පවුලේ එකෙක්ගේ ලක්ෂ 26 ක විදුලි බිලත් ගෙව්වා .ඉතින් මේ වගේ පුත්තලම් බූරුවෝ එක්ක මොන රට හදිල්ලක් ද ?ඔය සෙල්ලම් දාන්න තමයි රනිල් වගේ දුර්වල මිනිහෙක් දා ගත්තේ
ලප කුමාර Wednesday, 04 October 2023 11:42 PM
ඒ උනාට අපේ එකා යවන්න ලේසි නැහැ