ඇෆ්ගනිස්තානය යළිත් වරක් භූමි කම්පාවකින් කැලැඹිණි. මෙම භූමි කම්පාවේ බලපෑම එල්ල වූයේ හේරත් පළාතට මීටර් 25 ක් දුරිනි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙස සටහන් වී ඇත.

හේරත් පළාතේ ගම්මාන රැසක් භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. හානි වුණු නිවාස ගණන 1,000 කි. සිදුවුණු ජීවිත හානිය මෙතෙක් වාර්තා වී නැත.

පසුගිය සති අන්තයේ 2,500 කට ආසන්න පිරිසක් බිලිගත් භූමි කම්පාව හටගත්තේ ද හේරත් පළාත ආසන්නයේය.

නිවාස බිමට සමතලා වීමෙන් සුන්බුන් අතරේ සිරවුණු පිරිස ද ඒ හා සමාන යැයි පැවැසිණි.

එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූවන් ද අද (11) හටගත් මෙම භූමි කම්පාවෙන් පීඩාවට පත්වුණු බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)