
න්‍යෂ්ටික බලැති කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට හැකි වුණු බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මිසයිලය හැඳින්වෙන්නේ, ‘බුරේවෙස්ට්නික්’ යනුවෙනි. රුසියාව මෙම මිසයිලය නිපදවීම ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. මෙම මිසයිලයට ලෝකයේ ඕනෑම ඉලක්කයකට පහසුවෙන් යා හැකි බව පැවැසෙයි.
මීට පෙර මෙම මිසයිලය සම්බන්ධයෙන් සිදු කළ අත්හදා බැලීම් අසාර්ථක වූ නමුත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැන් පවසා ඇත්තේ අලුතින් සිදු කළ අත්හදා බැලීම් සාර්ථක වූ බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd