
තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන දෙකකි. වෙඩි තැබීම කළේ 14 හැවිරිදි ගැටවරයෙකි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ සියාම් පැරගොන් සුපිරි වෙළෙඳ සංකීර්ණයේය. මියගිය දෙදෙනා චීන සහ මියන්මාර ජාතිකයන්ය. තුවාල ලැබූ පස් දෙනාගෙන් තිදෙනකු තායි ජාතිකයන් බව පැවැසෙයි. අනෙක් දෙදෙනා ලාඕස ජාතිකයෙකු සහ චීන ජාතිකයකු බව පොලිසිය පවසයි.
වෙඩිා තැබීම කළ ගැටවරයා මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයකු බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd