ජනපති බයිඩන් කොරියන් ජනපති හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.