IMG-LOGO

ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායල රජය ගත් තීරණයට තමන් සහාය දෙන නමුත්, ගාසා සටන්කාමීන්ට පහර දෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක් වේවි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ ඇමෙරිකාවේ 60 මිනිටිස් වැඩසටහනට පෙනී සිටිමින් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දෙයි. ඒ, ගාසා තීරයේ උතුරු කොටසේ සිටින පලස්තීන වැසියන්ට වහා දකුණු කොටසට යන්නැයි පැය 24 ක් කල් දීමෙන් ද පසුවය.

හමාස් සටන්කාමීන් දේශසීහා හරහා ඊශ්‍රායලයට පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදාය. එම අවස්ථාවේ ඊශ්‍රායල වැසියන් 150 දෙනකු හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබුණි. ඔවුන් ගාසා තීරයේ උතුරු කොටසට රැගෙන ගොස් ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන්නේ එම ප්‍රාණ ඇපයේ සිටින පිරිස සොයන අතරතුරේය.

ප්‍රහාර එල්ල කිරීමට පෙර ගාසා තීරයේ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න ඉඩ ලබා දෙන්නැයි තමව් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බවත්, නෙදන්යාහු ඊට කැමැත්ත පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කළේය.

මේ අතර හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඊශ්‍රායලයට සහාය දක්වන බව පවසමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායලයේ සංචාරයකට යෑමට සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තාකර තිබේ. මේ වනවිටත් ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ඇමෙරිකන් නාවික හමුදාවේ ප්‍රබල යුද නැව් දෙකක් මධ්‍යධරණී මුහුදට සේන්දු වී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

ගාසා තීරය අත්පත් කරගැනීම වරදක් වේවි - බයිඩන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 970 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site