
ඊශ්‍රයාලයට දිගින් දිගටම සහාය දෙන බව පවසමින්, තවත් යුද නෞකාවක් ඊශ්‍රායලයට අසල මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
ඇමෙරිකන් නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් නමැති යුද නෞකාව මෙසේ මධ්‍යධරණී මුහුදට යැවූ බවය.
හමාස් සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පවසමින්, ඇමෙරිකාව පසුගිය සතියේ ද යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදට යැවීය. ඒ, යූ.එස්.එස්. අයිසන්හවර් නෞකාවය.
යූ.එස්.එස්. අයිසන්හවර් සහ යූ.එස්.එස්. ජෙරාල්ඩ් ආර්. ෆෝඩ් යනු ප්‍රහාරක යානාවලින් ද සමන්විත ඇමෙරිකාව සතු අති ප්‍රබල යුද නෞකා යැයි පැවැසෙයි.
මේ අතර ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ සහ ඉරාන විදේශ අමාත්‍ය හුසෙයින් අමීර් අබ්දුල්ලාහියා අතර හමුවක් කටාරයේ දෝහා නුවරදී පැවැත්විණි.
2007 වසරේ සිට ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. මෙය දේශපාලන අංශයකින් සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගන්නේ සන්නද්ධ අංශ සාමාජිකයන්ය.
ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් කීප දෙනකු හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
ඉස්මයිල් හනියේ හමාස් සංවිධානයට දිගින් දිගටම සහාය දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.
ගාසා තීරයට සැපැයෙන ආහාර, ජලය සහ විදුලිය ද නවත්වා, ගාසා සිවිල් වැසියන් දැඩි පීඩාවට ලක් කරමින්, එම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් යැයි ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.
ඊශ්‍රායලය දිගින් දිගටම යුද අපරාධ කරමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ඉරානය පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් යුද නැවක් ඊශ්‍රායලයේ සහායට යයි
Siyambalapitiya Sunday, 15 October 2023 03:07 PM
ඊශ්‍රායල් අයිති පලස්තීනෙට .ඇමරිකන් සහ එංගලන්තේ තමයි යන්න එන්න තැනක් නැති යුදෙව්වන්ට පලස්තීනේකෑල්ලක් දුන්නේ