2019 වසරේ මැයි මාසයේ දී උගන්ඩාවේ කරුමා හී ආරම්භ කෙරුණ හයිඩ්‍රෝ විදුලි බලාගාරයේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, එය පද්ධතියට එක් කරමින් විදුලි උත්පාදන කටයුතු සිදු වෙමින් පවතියි. ව්‍යාපෘතිය 2023 වසරේ අගෝස්තු මාසයේ දී අවසන් විය. මේ වන විට එම ව්‍යාපෘතිය හේතුවෙන් වසරකට අමු ගල් අඟුරු මිලියන 1.31 ක් ඉතිරි කරගැනීමට හැකි වන අතර, උගන්ඩාවේ විදුලි මිල 17.5%කින් අඩු කරගැනීමට ද හැකි වී තිබේ. චීන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ද වෙයි.
මේ හරහා රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී ඇති බවත් ඒ හරහා ජන ජීවිතය වෙනසකට ලක්වී ඇති බවත් වාර්තාවෙයි. "තීරයක් සහ මාවතක්" (BRI ) ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහන් පෙළක් අතර ඇති උගන්ඩාවේ "කරුමා" හි අයෙබසිබ්වේ බ්ලෙස් නම් 29 හැවිරිදි තරුණයෙකු වටා නිර්මාණය වී ඇති කතාවේ විශේෂත්වය වන්නේ ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ දීම "කරුමා හයිඩ්‍රෝ බල ව්‍යාපෘතියට" සිවිල් ඉංජිනේරුවකු ලෙස සම්බන්ධවීමට අවස්ථාව ලබා තිබීමයි. සාමාන්‍ය යෙන් උගන්ඩාවේ රැකියාවක් සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් විදුලි බල ව්‍යාපෘතිය හරහා ඔහුට වඩාත් පහසුවෙන් රැකියා අවස්ථාවක් ලැබී තිබේ. එසේම නවීන තාක්ෂණය සමග වැඩ කිරීමේ අවස්ථාවද බ්ලෙස්ට හිමිවිය.
බ්ලෙස් පවසන්නේ "ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඒ නිසා මට දක්ෂ ඉංජිනේරුවන් සමඟ වැඩකරන්න ලැබුණා. ඔවුන් සමඟ දැනුම බෙදාගත්තා." යනුවෙනි.
බ්ලෙස් පවසන්නේ මෙම ජල විදුලි බලාගාරය ඔහුගේ ජීවිතය වෙනස් කළ බවයි. "තීරයක් සහ මාවතක්" මුලපිරීම යටතේ උගන්ඩාවට පැමිණි මෙම ව්‍යාපෘතිය බ්ලෙස්ගේ ජීවිතය වෙනස් කළ බව බ්ලෙස් පවසයි. එසේම උගන්ඩාවේ ඇති ව්‍යාපෘති රැසක් නිසා එම ව්‍යාපෘතිවලට සම්න්ධ වූවන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ධනාත්මකව වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.
(CGTN ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd