
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී ඇත. මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියකි.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත්තාය.
'මීයා කලීෆාගේ සහාය පලස්තීනයට' යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණි.
මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය පවසා ඇත.
30 හැවිරිදි මීයා කලීෆා ලෙබනන්-ඇමෙරිකන් තරුණියකි.
මීයා උපත ලබා ඇත්තේ ලෙබනනයේ බීරූට් නුවරය. ඇය අසැබි නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2014 වසරේදීය. ඒ, ඇමෙරිකාවට යෑමෙන් පසුවය.
(හින්දුස්ථානී ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීයා ලොකු වෙන්න ගිහින් චුට්ටි වෙලා ගියා. බලමුකො ඒකෙත් හැටි
ඇත්තටම මේ ජාතික පුවපුවත්පතක් ද ටොයිලට් පේපර් එකක් ද. එසැන පුවත් කියල දාන්නෙම කුණු.ඕපා දූප.මේ පුවත දාපු අහුමුළුවල කුණුබක්කිවල කූණු අවුස්සංංකනඅබිලිංට ඕටවඩා හොඳනැද්ද ලැට් වලක් කෑවනං.. නොදකිං ජඩමාජ්ජවේසී වීදි ගනිකාවො..උංටනං වඩා නම්මිබුකාර රස්සාවක් කරන්නෙ මියා කලීෆ ත්..
අසැබි නිලියක් නෙවෙයි යකෝ නිල් චිත්‍රපට නිලියක්..
කලීෆා තරුණයින් අතර ලොකු සේවයක් කළ ලස්සන කෙල්ලක්...
මගේ රෙද්දවල් හොයන්න කලින් රට බංකොලොත් කරපු උන්ගේ පැටිකිරිය හොයපල්ලා