
ඇමෙරිකා ‘නාසා’ ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය, ‘බෙන්නු’ නමැති වසර බිලියන 4.5 ක් පැරැණි දැවැන්ත ග්‍රහකයෙන් ලබා ගෙනැවිත්, විද්‍යාඥයන් අතට පත් කළ පස් සාම්පල ප්‍රසිද්ධියට පත් කිරීමට නාසා ආයතනය කටයුතු කළේය.
හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී නාසා ප්‍රධානී බිල් නෙල්සන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, පස් සාම්පල මාධ්‍ය හමුවේ ලොවට අනාවරණය කෙරුණි. ඒවා කාබන්වලින් පිරුණු පස් සාම්පල බව එහිදී නාසා ප්‍රධානියා පැහැදිලි කර දුන්නේය.
පස් සාම්පල වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ඉදිරි දිනවල සිදුවන බවත්, ලොව විද්‍යාඥයන් බොහෝ දෙනකුට පස් සාම්පල කොටස් යැවීම සිදු කිරීමට නියමිත බවත් නාසා ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කළේය.
(නාසා ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd