
ඇමෙරිකා ‘නාසා’ ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ ගවේෂණ යානය, ‘බෙන්නු’ නමැති වසර බිලියන 4.5 ක් පැරැණි දැවැන්ත ග්‍රහකයෙන් ලබා ගෙනැවිත්, විද්‍යාඥයන් අතට පත් කළ පස් සාම්පල ප්‍රසිද්ධියට පත් කිරීමට නාසා ආයතනය කටයුතු කළේය.
හූස්ටන් හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී නාසා ප්‍රධානී බිල් නෙල්සන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, පස් සාම්පල මාධ්‍ය හමුවේ ලොවට අනාවරණය කෙරුණි. ඒවා කාබන්වලින් පිරුණු පස් සාම්පල බව එහිදී නාසා ප්‍රධානියා පැහැදිලි කර දුන්නේය.
පස් සාම්පල වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ඉදිරි දිනවල සිදුවන බවත්, ලොව විද්‍යාඥයන් බොහෝ දෙනකුට පස් සාම්පල කොටස් යැවීම සිදු කිරීමට නියමිත බවත් නාසා ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් පැහැදිලි කළේය.
(නාසා ඇසුරිනි)
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙන්නු ග්‍රහකයෙන් ගෙනා පස් සාම්පල ප්‍රසිද්ධ කෙරේ