
ගාසා තීරයේ හමාස් සංවිධානය, සමස්ත පලස්තීනය නියෝජනය නොකරන බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමද් අබ්බාස් අවධාරණය කර තිබේ.
හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කර ගන්නේ සන්නද්ධ අංශයයි. හාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් හඳුන්වයි.
පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරයේත්, බටහිර ඉවුරේත්ය. බටහිර ඉවුරේ පාලනය ඇත්තේ පලස්තීන පාලන අධිකාරියටය. පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ අබ්බාස්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පලස්තීන නායක අබ්බාස් අතරේ දුරකතන සන්වාදයක් පැවැත්විණි. එහිදී ගාසා තීරයේ අහිංසක පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතු යැයි පලස්තීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ අතර, හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ හටගත් නව අර්බුදය සම්බන්ධයෙන් අබ්බාස් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ජෝර්දානයේ අම්මාන් අගනුවරදීය. ගාසා තීරයේ පලස්තීනුවන් බලහත්කාරයෙන් ඔවුන්ගේ ගම්බිම්වලින් ඉවත් කර ඊශ්‍රායලය එම ගම්බිම් ඊශ්‍රායලයට එක් කර ගැනීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති අබ්බාස් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා හමුවේ පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හමාස්ල ඔය තරම් අවි ආයුධ, රොකට් එකතු කරනකන් තොපි සෙට් එක පොල් ගැවද?
ඒක හරියට පොහොට්ටුව සහ පොහොට්ටුවේ සන්නද්ධ අංශය වගේ .චොකා මල්ලි ,දුමින්ද ,ලසන්ත -ප්‍රගීත් මැරයෝ ,අරගලයට ගහන්න සැලසුම් කරපු සන්නද්ධ අංශයේ වෙන්න ඕන
අපි නැවතත් අවධාරණය කරමු. කුමන ආකර හෝ යුධ ගැටුම් මානව ප්‍රජාවට හිංසා කරයි. පලස්තීන ජනාධිපතිවරයා ඉල්ලීම සමඟම අපට සිතීමට කාරණා කීපයක් ඇත. 1.පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපතිවරයා වශයෙන් තම රටේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ ක්‍රියාකාරකම් නොදැන සිටියේද? 2. ස්වාධීන රාජ්‍යක් වූ ඊශ්‍රායලට පහර දීමට විනාඩි 20 ක පමණ කාලයක් ඇතුලත රොකට් ප්‍රහාර 5000කට අධික ප්‍රමාණයක් එල්ල කිරීමට සංවිධානය වෙනකම් නො දැන සිටියේ ද? 3. පලස්තීන රජ්‍ය බුද්ධි අංශ, හමාස් සංවිධානයේ මේ ප්‍රහාර ගැන කිසිත් ම නොදැන සිටියාද? එසේ නො දැන සිටියා නම් තම රජ්‍යයේ වගකීම නොතකා හැරීමෙන් අන්‍ය ස්වාධීන රජ්‍ය පීඩාවට පත් කිරීමට, තම රාජ්‍යයේ ගාසා තීරයේ සිට ත්‍රස්ත සංවිධානයන්ට බල ගැනිවීමට හා ත්‍රස්ත ප්‍රහාරයන් කිරීමට ඉඩ හැරීම පිළිබඳව වගකීමට නොබැඳෙන්නේද? එහි වගකීම රාජ්‍යයක් වශයෙන් පලස්තීන රජයට නො පැවරෙන්නේද? 4. හිටි හැටියේ අන්‍ය රාජ්‍යයක් (ඊශ්‍රායලය) ආක්‍රමණය කර සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් මරා දැමීම, ප්‍රාණ ඇපයට ගැනීම, දේපළ විනාශ කිරීමට, ත්‍රස්ත සංවිධානයකට තම රටේ භූමිය භාවිතා කිරීමට, ඉඩදීම..., සොයා නොබැලීම...
රටේ ආරක්ෂක අංශවලට හමාස් සංවිධානය පාලනය කරගත නොහැකි, පලස්තීන රජය ඒ තරමට දුර්වල රාජ්‍යයක් නම් නම් මේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු තිබුණේ නම් ඒ පිළිබඳව සාධාරණ දැනුවත් කිරීමක් බුද්ධි තොරතුරු මගින් ඊශ්‍රාලය දැනුවත් කිරීම සාධාරණ නොවන්නේද? 5. මේ ප්‍රශ්නවලට සාධාරණ ලෙස පිළිතුරු නැත්නම් අන්‍ය රාජ්‍යවල ජීවිත දේපළ, රාජ්‍යතාන්ත්‍රික වගකීම, නොතකා හරින, අනතුරේ හෙළන, ත්‍රස්තවාදයට පෝෂන මළු වන රාජ්‍යයක් ලෝක සිතියමේ තව දුරටත් තබා ගැනීම කුමටද? 6. එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුක් ගැනිවිලි ඉදිරිපත් කිරීම මෙන්ම පලස්තීනය තම රාජ්‍යයේ යුතුකම සහ වගකීම ඉටුකර ඇත්තේ ද යන්න සිතාබැලිය යුතුයි.
පලස්තීන නායකයා තමන්ගෙ ඇග බේරාගෙන ඉන්න කියන කතාවක් වගෙයි.