ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත.
මොහොමඩ් ඩියෙෆ් ඉතාමත් රහසිගතව ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ඒ බව දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වුණු සටන්කාමී කණ්ඩායම්වලට පවා හරිහැටි කිසිවක් දැන නොසිටි බවත් පැවැසෙයි.
පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දුන්නේ ගොඩබිමින්, ගුවනින් සහ මුහුදිනි. එය ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කිරීමට හේතුවක් විය.
එම හමාස් ප්‍රහාරය, 'අල් අක්සා ෆ්ලඩ්' ලෙස නම් කර ඇත්තේ ද මොහොමඩ් ඩියෙෆ් ය.
'අල් අක්සා' යනු ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලියට පැමිණෙන බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාවෙන් පසුගිය කාලය පුරාවට විවිධ අඩන්තේට්ටම් සිදුවිය. ඊට පළිගැනීමක් ලෙස මොහොමඩ් ඩියෙෆ් ප්‍රහාරය සැලසුම් කළ බව ඊශ්‍රායල බුද්ධි අංශ තහවුරු කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවුද අපේ අය එක්ක බලනකොට? අපේ මහමොල කාරයා කිසිම ප්‍රශ්නයක් නැතිව තවම ඉන්නවා.
එතකොට, බලය ලබා ගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සහයෝගය හා මෙහෙයවීම මත මුස්ලිම් තරුණයින් යොදාගෙන කරපු ප්‍රහාරයක් නෙමේද මේක....? ඊළඟ ඊශ්‍රායල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව තවම මේ මහමොලකාරයා ප්‍රකාශ කොට නැද්ද..? කොහොමත් තුනෙන් දෙකේ චන්ද බලයකින් දිනන එක නම් ෂුවර්...චන්දෙන් දිනුවට පස්සේ උසස් වීම් දෙද්දී හොයා ගන්න පුළුවන් මොහුට සහයෝගය දුන්නේ කවුද කියලා.. අනේ මන්ද, ඒ උනාට ඒ මිනිස්සුන්ට හොරෙන් කිසිවක් කරන්න හැකියාවක් නැහැ අපේ අයට වගේ...?
චැනල් 4ට බැරිද මේකටත් රාජපක්ෂවරු අල්ලලා කතාවක් ගොතන්න? ලංකාවෙන් දෙන්නම් 3%ක් ඒ කතාව කරේ තියා ගෙන ෆේස් බුක් එකේ දුවන්න, ලන්කාදීපෙට කොමෙන්ටු ලියන්න, ලයික් දාන්න.
සිංහල බෞද්ධයනි මෙවන් ප්‍රහාර අනාගතේ අපිටත් සිදුවීමට 99% ප්‍රවණතාවයක් තිබේ. ඒ මඩකලපුවවෙන්ය. එනිසා නුතන වඩුග පාලකයා පලවා හැරීමට උත්කුස වෙන්න. JVP යට චන්දෙ දීම හම්බයාට බලය දීමකි.
ළංකාවෙ හරක් දන්නෙ කමෙන් කර කර ඉන්න විතරයි