IMG-LOGO

ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ

ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ.

පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසින් පලා යමින් සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ මොටර් රථවලට පවා ඊශ්‍රායල හමුදා පහර දී ඇති බවය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් සිදු කරන්නේ හමාස් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ඊශ්‍රායල වැසියන් සොයමින්ය.

ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ද සිටින බව පැවැසෙයි.

ප්‍රාණ ඇපකරුවන් සොයමින් යන අතරතුරේ ගාසා තීරයේ උතුරු කොටස මුළුමනින්ම හමාස් සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)



අදහස් (4)

ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ

කසුන් Saturday, 14 October 2023 06:32 AM

ආගම්වලට බෙදිලා දුක්විඳින මිනිස්සු. ‌නිරාගමික වුණා නම් කොච්චර සැනසීමක්ද? කාටවත් ගිනි නොදී කරුණාව, බෙදාහදාගැනීම, සහානුකම්පාව (empathy) වගේ ගුණධර්ම ටික දියුණු කර ගත්තා නම් ආගම් මොකටද? කවුරුත් සතුටින්...

:       0       9

රට වැසියා Saturday, 14 October 2023 08:49 AM

ලෝකයේ කොතැනක සිටියත් ත්‍රස්ථවාදීයා ත්‍රස්තවාදියාමය! අවුරුදු 30 ත්‍රස්තවාදයෙනුත්, පාස්කු ඉරිදා ත්‍රස්වාදීන් තිරිසන් බවත් අපි අත්වින්දා, අපේ රටේ වැසියෙක් පාකිස්ථානයේදි ම්ලෙච්ඡ විදියට ඝාතනය කළා! ආගම් මුල් කරගෙන ඇති වන ත්‍රස්තවාදය අතිශයින්ම භයානකයි. ‍ඔවුන් ලෝකයේ කොහේ ඉපදුණත් අවසානයේ එකතු වෙති. ඔවුන්ට තමන් ඉපදුණු රට ද අමතකයි. ඊශ්‍රාලයේදි මිය ගිය අපේ රට අයට බලවත් කණාගාටුව ප්‍රකාශ කරමු. හමාස් ත්‍රස්ථවාදීන් විනාශ කිරීමට ඊශ්‍රායලයට ශක්තිය ලැබේවා...!

:       2       16

Ariyathilaka Saturday, 14 October 2023 10:37 AM

හමාස් සංවිධානය සහ පලස්තීනය විසින් ස්වාධීන රාජ්‍යයක් වූ ඊශ්‍රායලයට පහර දෙන ලද්දේ පුළුවන් නිසා නේද? (පලස්තීනයේ, ගාසා තීරයේ පාලනය මෙම ප්‍රහාරය වළක්වා නො ගැනීම එම පාලනය ද මෙයට වගකිව යුතු යි. පලස්තීන බටහිර ඉවුරේ පාලන අධිකාරිය ගාසා තීරයේ පාලනයට වග කියන බැවින් ඊශ්‍රායලයට පහර දීම පිළිබඳව පලස්තීන පාලන අධිකාරියට වගකීමෙන් නො මිදිය හැක.) ඊශ්‍රායලයට විරුද්ධ හමාස් සටන් කාමීන් සහ පලස්තීනය යුද්ධ ප්‍රකාශ කෙළේ හොඳ විශ්වාසයකින් නම් ඉල්ලීම් සහ බැගෑපත් වීම් කුමටද? සාමාන්‍ය වැසියාගේ මෙන්ම සියලු ජීවිත හානි වැළැක්වීමේ වගකීම දෙපාර්ශවයට ම ඇත. ත්‍රස්ත සටන්කාමී සාමාන්‍ය වැසියා අතරෙහි මද සිටිය හැකි බැවින් සියලු දෙනා ජීවිත හානියෙන් තොරව යටත් කර පරීක්ෂාවට භාජනය කළ යුතුයි. අවනත නොවී වන ජීවිත හානි වන්නේ නම් ත්‍රස්ත සටන් කාමීන් වගකිව යුතුයි. පලස්තීන පාලන අධිකාරිය වගකීමෙන් තොරව කටයුතු කිරීමද මේ ව්‍යවසනයට හේතුවිය...

:       1       10

දිනෙත් Saturday, 14 October 2023 09:21 PM

ඊශ්‍රායලයට ජයවේවා. ඔවුන් අදහන දෙවියෝ ඔවුන් රැකදේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 970 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site