ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පැයක් ඇතුළත පලස්තීන වැසියන් 51 දෙනකු මියගොස් ඇති බවත්, 281 දෙනකු තුවාල ලබා ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය අද (12) නිකුත් කළ නිවේදනයක දැක්විණි.
පලස්තීන වැසියන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ සබ්රා, අල් සයිටෝම්, අල් නෆාක් සහ තාල් අල් හාවා යන නගරවලට එල්ල කළ ප්‍රහාරවලිනි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ප්‍රහාර ආරම්භ කළේ පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ගොඩබිමින්, ගුවනින් සහ මුහුදින් පහර දීම් ආරම්භ කිරීමත් සමඟය.
එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙයි. එම ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් ගණන 1,100 කි ගැටුම්වලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,200 ට වැඩිය.
හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා සෙබළුන් අතරේ ගොඩබිම සටන් ද දරුණු බව පැවැසෙයි. ගොඩබිම සටන් පවතින්නේ ගසා තීරයේ ජෙනින් සහ කල්කිල්යා යන නගරවලය.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා
Bamunuarachchi Friday, 13 October 2023 03:55 PM
නියමයි!