
ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ.
ඊජිප්තු රජය මෙම තීරණය ගත්තේ, එරට ජනාධිපති අල් සීසී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ පැවැති දුරකතන සාකච්ඡාවකින් පසුවය.
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දේශසීමා හරහා ඊජිප්තුවට යෑමට ඉඩ ලබා දීමටත්, තාවකාලික සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇතැම් මාධ්‍ය පවසා තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ත්‍රස්තයන් ඊජිප්තුවට ඇතුළු වුණේ කොහොමද කියලා පස්සෙ කල්පනා කරමු.
මිනිස්සු කොච්චර නූගත් ද කියනවා නම් මිනිස්සු හිතාගෙන ඉන්නේ පල්සතීනය ඊශ්‍රායලය අල්ලාගන්න යනවා කියලා. හැබැයි මිනිස්සු දන්නෑ නූතන රාජ්‍ය බිහිවීමත් එක්ක. තිබ්බේ පලස්තීනය කියලා රටක් ඊශ්‍රායලය කියලා එකක් තිබ්බේ නෑ. 1948 තමා සුද්දෝ පලස්තීනය දෙකට කඩලා ඊශ්‍රායලය බිහි කළේ ඔවුන් එතැනින් නතර වුනේ නෑ. පලස්තීනයේ ඉතිරි කෑලිත් ටික ටික අල්ලා ගත්තා... ඒකයි මෙතන ප්‍රශ්නේ...
සටන් විරාමයක් තියෙනවා කියන්න බෑ... නමුත් ඊජිප්තු දේශ සීමාව විවෘත කරපු කතාව ඇත්ත. ඊශ්‍රායලය පවසන ආකාරයට ඔවුන් ජයග්‍රහණය කරන තුරුම සටන අත්නොහරින බව ඊශ්‍රායල් අගමැති වැඩිදුරටත් පවසා ඇත.