මෝදිට අභියෝග කරන්න විපක්ෂය සැරැසෙයි ලබන 2024 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝග කිරීම සඳහා කොංග්රස් පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට සූදානම් වෙමින් සිටී. 18 July 2023
තුර්කි ජනපති සෞදියේ ගල්ෆ් රටවල සංචාරයක් ආරම්භ කරමින්, තුර්කි ජනාපධිති රිජෙප් තායිප් එර්දොවාන් සෞදියට පැමිණියේය. තුර්කි ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විදෙස් අයෝජන තුර්කියට ලබා ගනිමින් තුර්කියේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම බව පැවැසෙයි. 18 July 2023
පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එක් රටකින්, ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් මෙසේ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 18 July 2023
‘ටයිටන්’ සබ්මැරීනය ගැන චිත්‍රපටයක් හදන්නේ නෑ ‘ඕෂන්ගේට්’ සමාගමේ, ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහසක් තමන්ට නැතැයි සම්මානනීය හොලිවුඞ් සිනමාකරු ජේම්ස් කැමරන් අවධාරණය කර තිබේ. 17 July 2023
දකුණු කොරියාවෙන් යුක්රේනයට මුදල් ආධාර රුසියන් යුක්රේන අර්බුදයේ දී යුක්රේනයට සහාය පළ කරන බව තහවුරු කරමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සූක් යෝල් යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 17 July 2023
උමං මාර්ගයක් හිටිහැටියේ ජලයෙන් යටවෙයි ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, දකුණු කොරියාවේ චියොංග්ජු නගරයේ රථවාහන පිරුණු උමං මාර්ගයක් හිටිහැටියේ හටගත් ජල ගැලීමකින් යටවිය. 17 July 2023
‘වැග්නර්’ කුලී හේවායන්ට අලුත් ලොක්කෙක් රුසියන් රජයට සහ හමුදාවට විරුද්ධ වෙමින්, කැරැල්ලක් මෙහෙයවූ එරට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියට නව නායකයකු පත් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි. 17 July 2023
ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’ ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. 17 July 2023
ඩොලර් වෙනුවට රුපියල් ඇමෙරිකන් ඩොලර් වෙනුවට, ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට ඉන්දියාව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සමඟ එකඟත්වයක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවට අනුව, ඉන්දීය රජයට ගනුදෙනු වියදම් කපා හැරීමට ද හේතුවක් වනු ඇතැයි පැවැසෙයි. 15 July 2023
ඉන්දීය රොකට්ටුව සඳට යයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (14) සවස 2.35 ට ආරම්භ විය. 14 July 2023
ඉලොන් මස්ක්ගෙන් අලුත් කෘත්‍රිම බුද්ධියක් ලොව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්, එක්ස් ඒ.අයි. නමින් කෘත්‍රීම බුද්ධිය සම්බන්ධ නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 July 2023
ධවල මන්දිරය අසල කලබලයක් ධවල මන්දිරය අසල වාහන පරීක්ෂා කරන මුර කපොල්ලකදී, නවත්වන්නැයි අණ කළ මෝටර් රථයක්, අණ නොතකා, පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු යට කළ බව වාර්තා වේ. එයින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 13 July 2023
ප්‍රංශ ජාතික දිනයේ ප්‍රධාන අමුත්තා මෝදි ප්‍රංශ ජාතික දිනය හෙවත් ‘බැස්ටීල් දිනය’ හෙට (14) ට යෙදී තිබේ. ප්‍රංශයේ පැරිස් අගනුවර ‘බැස්ටීල් දින’ සැමරුමක් පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. 13 July 2023
අයි.එම්.එෆ් ණය පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා දුන් බව විදෙස් මාධ්‍ය පවසයි. 13 July 2023
බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට පවුම් මිලියන 50 ක ආධාර රුසියන් හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට ආධාර වශයෙන් පවුම් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 64.65 ක්) ලබා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. 12 July 2023
උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවමින්, දකුණු කොරියාවට සහ ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. 12 July 2023
බෙංගාල මැතිවරණයෙන් ත්‍රිණමූල් කොංග්‍රසයට ජය ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ගම්සභා, නගරසභා සහ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වුණු ‘පංචයාත්’ මැතිවරණයෙන්, පාලක ත්‍රිණමූල් කොංග්රස් පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවිය. 12 July 2023
යුක්රේනයට දැන්ම සාමාජිකත්වය දෙන්න බෑ යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය දෙන දවස දැන්ම කීමට නොහැකි යැයි ‘නේටෝ’ සාමාජික රටවල් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පවසා ඇත. 12 July 2023
ජපානයේ මහ වැසි ජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් හය දෙනකු මියගිය බවත්, තවත් තිදෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. 11 July 2023
කණ්ණාඩියක් වැනි ග්‍රහයෙක් හමුවෙලා ආලෝක වර්ෂ 264 ක් ඈතින් කණ්ණාඩියක් වැනි දිලිසෙන ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත. 11 July 2023
‘නේටෝ’ මහ සමුළුව ඇරැඹේ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුව ලිතුවේනියාවේ විලිනියුස් නුවරදී ආරම්භ විය. නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් ගණන 31 කි. 11 July 2023
සංචාරක හෙලිකොප්ටරයක් නේපාලයේ අනතුරේ විදෙස් සංචාරකයන් රැගෙන පියාසර කරන්න වූ හෙලිකොප්ටරයක්, නේපාලයේ එවරස්ට් ශිඛරයට කන්දට නුදුරින් පිහිටි තවක් කන්දක හැපී විනාශ විය. 11 July 2023
පාකිස්තානයට මහ වැසි: ජල ගැලීම්වලින් 86 ක් මරුට පාකිස්තානයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් පළාත් රැසක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 86 ක් යැයි ද පැවැසෙයි. ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 151 කි. 11 July 2023
අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූමි කම්පාවක් උතුරු අත්ලාන්තික් සාගර පතුලේ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය. ඇමෙරිකන් භූ විද්‍යාඥයන් පැවැසුවේ භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සනිටුහන් කළ බවය. 11 July 2023
ඇමෙරිකන් ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමට යන අතරතුරේ, බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ සුහද හමුවක් පැවැත්විණි. 11 July 2023
වැග්නර් ප්‍රධානියා පුටින් හමුවෙලා බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලැබ සිටින රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂීන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. 11 July 2023
ඇමෙරිකාව සතුව රසායනික අවි කිසිවක් නෑ රසායනික අවි සම්බන්ධ ප්රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. 10 July 2023
බර්ලුස්කෝනී පෙම්වතියට යූරෝ මිලියන 100 ක් දීලා පසුගිය මාසයේ අභාවප්‍රාප්ත වූ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන සිල්වියෝ බර්ලුස්කෝනිගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් අන්දමට ඔහු ඔහුගේ 33 හැවිරිදි පෙම්වතියට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ඉතිරි කර තිබේ. 10 July 2023
බටහිර බෙංගාලයේ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති නගරසභා මැතිවරණය පැවැත්වෙන අතරතුරේ සිදුවුණු ප්රචණ්ඩ ක්‍රියාවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 10 July 2023
ගුවන් ප්‍රහාරයකින් සුඩානයේ 22 ක් මරුට සුඩානයේ ඔම්ඩුර්මාන් නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔම්ඩුර්මාන් ඇත්තේ කර්ටෝම් අගනුවරට යාබදවය. 10 July 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026