වයඹදිග බ්‍රසීලයේ අක්රේ ප්‍රාන්තයේ සිදුවුණු ගුවන් අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

අනතුරට පත් වී කඩා වැටුණේ අභ්‍යන්තර ගුවන් ගමන්වල නියැලෙන සැහැල්ලු ගුවන් යානයකි.

යානයේ කුඩා දරුවකු ද සිටි බව පැවැසෙයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් විමර්ශන දිගටම පැවැත්වෙන බවත් වාර්තා වේ.