
ඉන්දියාවේ මගී දුම්රියක ගින්නක් හටගත්තේය. දුම්රිය මැදිරි කීපයක් ගින්නට හසුවීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය.
ගින්න හටගත්තේ ෆිරෝස් පූර් සිට ෂිවී නගරය තෙක් ධාවනය වෙමින් තිබුණු ‘පටාල්කොට් එක්ස්ප්‍රෙස්’ දුම්රියේය. ඒ වනවිට දුම්රිය, අග්‍රා කැන්ටොමන්ට් දුම්රිය ස්ථානය පසු කර තිබුණි.
ගින්න හටගත් බව දැනගත් සැණින් දුම්රිය වහා නතර කෙරුණි. එහෙයින් ජීවිත හානි සිදුනොවිණි. මගීන් ආරක්ෂිතව දුම්රියෙන් ඉවත් කිරීමට නියාමකවරු සමත් වූහ. ගින්න සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් පැවැත්වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd