
ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.
හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය.
කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද නෙදන්යාහු පැහැදිලි කර තිබේ. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.
‘සටන් විරාමයකට යන්නැයි රටවල් බොහොමයක් අපට කියනවා. ඒත් සටන් විරාමයකට යෑම යනු ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට යටත් වීමක්. එය කිසිසේත් කළ නොහැකියි. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු, යුද්ධය ජයගන්නා තුරු, අප සටන් නවත්වන්නේ නැහැ’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට වුවත් මෙම යුද්ධය මැදපෙරදිග කලාපය පුරා පැතිරීම වැළැක්විය නොහැක. මිතුරන් සතුරන්වන සහ සතුරන් මිතුරන් වෙමින් පවතින ගෝලීය දේශපාලනයේ අවස්ථාවකට ලෝකය මුහුණ දෙමින් සිටී. මෙම දේශපාලන සහ යුදමය වාතාවරණය නිසා ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට සමස්ත ලෝකවාසීන්ටම සිදුවනු ඇත. ඉක්මන්/ හදිසි සටන් විරාමයක් ඇති නොවුණ හොත් ගෝලීය දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් සිදුවනු ඇත...
ඉස්ලාම් අන්තවාදය විසින් බලගන්වන ත්‍රස්තවාදය අවසන් කරන්න. ඔබට දෙවි පිහිට ලැබේවා!