IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාසා තීරයේ සටන් විරාමයක් නෑ

ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.

හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය.

කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද  නෙදන්යාහු පැහැදිලි කර තිබේ. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.

‘සටන් විරාමයකට යන්නැයි රටවල් බොහොමයක් අපට කියනවා. ඒත් සටන් විරාමයකට යෑම යනු ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට යටත් වීමක්. එය කිසිසේත් කළ නොහැකියි. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු, යුද්ධය ජයගන්නා තුරු, අප සටන් නවත්වන්නේ නැහැ’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

(අල් ජසීරා)



අදහස් (2)

ගාසා තීරයේ සටන් විරාමයක් නෑ

sam Tuesday, 31 October 2023 04:51 AM

ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට වුවත් මෙම යුද්ධය මැදපෙරදිග කලාපය පුරා පැතිරීම වැළැක්විය නොහැක. මිතුරන් සතුරන්වන සහ සතුරන් මිතුරන් වෙමින් පවතින ගෝලීය දේශපාලනයේ අවස්ථාවකට ලෝකය මුහුණ දෙමින් සිටී. මෙම දේශපාලන සහ යුදමය වාතාවරණය නිසා ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දීමට සමස්ත ලෝකවාසීන්ටම සිදුවනු ඇත. ඉක්මන්/ හදිසි සටන් විරාමයක් ඇති නොවුණ හොත් ගෝලීය දේශපාලනයේ ප්‍රබල වෙනස්කම් සිදුවනු ඇත...

:       0       0

Jegan Tuesday, 31 October 2023 11:50 AM

ඉස්ලාම් අන්තවාදය විසින් බලගන්වන ත්‍රස්තවාදය අවසන් කරන්න. ඔබට දෙවි පිහිට ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site