උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි. 02 August 2023
ඉන්දියාව සමඟ සාකච්ඡාවට සූදානම් දේශසීමා අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි. 02 August 2023
නයිගර් කුමන්ත්‍රණය පසුපස රුසියාව - යුක්රේනයෙන් චෝදනා නයිගර් රාජ්‍යයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය පසුපස රුසියාව සිටින බවට චෝදනා එල්ල වෙයි. මෙම චෝදනා එල්ල කරන්නේ යුක්රේනයයි. 02 August 2023
ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය 02 August 2023
අධිවේගී මාර්ගයක දොඹකරයක් කඩා වැටිලා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක, ඉදිකිරීම් කටයුතු සිදුවන අතරතුරේ දොඹකරයක් කඩා වැටීමෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 August 2023
නවදිල්ලි පොලිසියට වෙඩි ඉන්දියවේ නව දිල්ලි නුවර ආගමික පෙරහරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීහු 7 දෙනෙක් තුවාල ලැබූහ. 01 August 2023
තලේබාන් අන්තවාදීහු සංගීත භාණ්ඩ ගිනි තබති ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. 01 August 2023
ඇමෙරිකන් නළු පෝල් රියුබන්ස් සමුගනී 1980 දශකයේ, රූපවාහිනියෙන් මෙන්ම රිදී තිරයෙන් ද ‘පී වී හර්මන්’ නමැති පඟසන චරිතයට පණ පෙවූ ඇමෙරිකන් රංගන ශිල්පී පෝල් රියුබන්ස් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 70 කි. 01 August 2023
ඉන්දියාවේ මගී දුම්රියක වෙඩි තැබීමක් ඉන්දියාවේ මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියේය. 31 July 2023
රන්වීර්-ආලියාගේ චිත්‍රපටය ‘හිට්’ එකක් රංවීර් සිං සහ ආලියා භාත් රංගනයෙන් දායක වන ‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ බොලිවුඩ් සිනමා පටය වාර්තා අලුත් කිරීමට සමත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 31 July 2023
චීනයට ප්රචණ්ඩ සුළි කුණාටුවක් චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බෙයිජීං අගනුවර අනාරක්ෂිත ස්ථානවල ජීවත් වූ 31,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. 31 July 2023
ෂාරුක් ඛාන් - ලියනාඩෝ ඩිකැප්රියෝ එකම සිනමා පටයක බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස තමත් තවමත් බැහැර කර නැතැයි ප්‍රවීණ හොලිවුඞ් සිනමාකරු මාර්ටින් සාර්කෝසේසි පවසා තිබේ. 31 July 2023
දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක් වයඹ දිග පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැලියකට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 130 කි. 30 July 2023
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවුණු පිපිරීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරුමෙන් ගිනිකෙළි ගබඩාව මුළුමනින්ම විනාශ විය. 30 July 2023
යුක්රේනයට සමඟ සාම සාකච්ඡාවට සූදානම් ඕනෑම වේලාවක, යුක්රේන රජය සමඟ සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන් සූදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 30 July 2023
මැරුණු චන්ද්‍රිකාව මූදට ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ. 29 July 2023
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’ පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ යන නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත. 28 July 2023
ඉතාලි අගමැතිනිය ජෝ බයිඩන් හමුවෙයි ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. 28 July 2023
ඇමෙරිකන් ආරක්ෂක උපදේශක සෞදි අරාබියේ ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සෞදියේ ජෙඩා නුවරට පැමිණ සිටී. ධවල මන්දිරය වාර්තා කළේ ජේක් සලිවාන් සහ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් පැවැත්වුණු බවය. 28 July 2023
‘ඩොක්සුරී’ කුණාටුව චීනයට කඩාවදී සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල සිටි දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි. 28 July 2023
සිංගප්පූරුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරේ වසර 20 කට පසු, සිංගප්පූරුවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ. 27 July 2023
කොරියානු නායකයා රුසියන් ආරක්ෂක ඇමැති හමුවෙයි රුසියන් ආරක්ෂක අමාත්‍ය සර්ගේ සෝජියෝ සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. ඒ රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. 27 July 2023
විශ්වාසභංගයකින් අගමැති මෝදි පරද්දන්න අමාරුයි විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොනෝජ් කුමාර් ජා පවසයි. 27 July 2023
නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි: හමුදාව බලය අල්ලයි නයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මෙසේ පැවැසුවේ, එරට රාජ්‍ය රූපවාහිනියට ගොස් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 27 July 2023
පියාගෙන් පුතාට බලය කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවත්, තමන් වෙනුවට තම වැඩිමල් පුතු සොන් හුන් මනෙට් අග්‍රාමාත්‍ය ධුරය බාරගනු ඇති බවත්ය. 26 July 2023
හමුදා ශක්තිය වර්ධනය කරගනී රුසියාවත්, උතුරු කොරියාවත් දෙරට අතරේ හමුදා ශක්තිය තරකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 26 July 2023
යුක්රේනයට ‘හෝනට්’ ඩ්‍රෝන ඇමෙරිකාව, යුක්රේනයට ඔවුන් සතුව ඇති නියමුවන් රහිත ‘හෝනට්’ වර්ගයේ ඉතා කුඩා ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා ලබා දී තිබේ. 26 July 2023
මෝදිට එරෙහිව විශ්වාසභංගයක් මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට එසේත් නැතිනම් ලොක් සභාවට විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වෙයි. 26 July 2023
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026