IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අයි.එස්. ත්‍රස්තයෙක් බ්‍රසල්ස් නුවර යකා නටයි

බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර, ස්වීඩන පාපන්දු ලෝලීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි තැබීම කළේ අයි.එස්. ත්‍රස්ත කල්ලිය සාමාජිකයකු යැයි පැවැසෙයි.

ස්වීඩනය සහ බෙල්ජියම අතරේ, බ්‍රසල්ස් නුවර කිංග් බොඩෝයින් ක්‍රීඩාංගනයේ පාපන්දු තරගයක් පැවැත් වුණු අතර, වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එම පාපන්දු තරගය නැරැඹීමට යමින් සිටි ස්වීඩන පාපන්දු ලෝලීන් පිරිසකටය.

ඔවුහු සියලු දෙනා ඔවුන්ගේ ස්වීඩන පාපන්දු පිලේ ඇඳුමින් සැරැසී සිටියහ.

වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් එක් අයකු බරපතල තුවාල ලැබූ බවත් බෙල්ජියම් මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිසිය පවසා ඇති අන්දමට, වෙඩි තැබීම කළ තැනැත්තා අබ්දෙසාලම් ලසෝඞ් නමැත්තාය. 45 හැවිරිදි ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් ඇවිලෙද්දී, ඇමෙරිකාවේ 6 හැවිරිදි පලස්තීන දරුවකු පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.

වෙඩි තැබීම කළ අබ්දෙසාලම් ලසෝඞ් පවසා ඇත්තේ අදේයා අල් ෆයෝමී නමැති එම දරුවාගේ ඝාතනය වෙනුවෙන් පළිගැනීමක් ලෙස තමන් වෙඩි තැබීම කළ බවය.



අදහස් (0)

අයි.එස්. ත්‍රස්තයෙක් බ්‍රසල්ස් නුවර යකා නටයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site