IMG-LOGO

රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් - බයිඩන්

ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ.

බයිඩන් මෙසේ අවධාරණය කළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා, පසුව ඔහු සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

'ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මට කනගාටුයි. ඒත් එය සිදු කර තිබනේනේ ඊශ්‍රායලය නොවෙයි; ප්‍රතිවිරුද්ධ කණ්ඩායමයි' යැයි මාධ්‍ය හමුවේ දී බයිඩන් පැවැසීය.

ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් 500 කට වැඩි පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. පලස්තීනුවන් චෝදනා නගා ඇත්තේ රෝහලට පහර දුන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව බවය. කෙසේ නමුත් ඊශ්‍රායලය පවසා ඇත්තේ හමාස් රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට එල්ල වුණු බවය.

ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්හායු හමුවුණු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේ ස්ථාවරය වී ඇත්තේ ද එයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට ගොස් සිටින්නේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමිණි.

(බීබීසී)



අදහස් (4)

රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් - බයිඩන්

vis8 Thursday, 19 October 2023 05:48 AM

අපි මානව අයිතිවාසිකම් උල්ලංගනය කළාලු... ඊශ්‍රායලය ගැහුවාම... "අනිත් එවුන් ගැහුවේ" ...:)

:       2       0

Bamunuarachchi Thursday, 19 October 2023 08:43 AM

LTTE කාරයොත් කලේ ඔයටික උන් ඉස්පිරිතාලවලට ගහල අපේ හමුදා ව ගැහැව්වා කිව්වා.

:       1       5

Senarath Thursday, 19 October 2023 09:59 AM

මෙක හරියට බලගෙන හිටිය වගෙ කියන්නෙ. මොනතරම් පක්ශග්‍රාහිද කියල පෙනෙනව. අපෙ සොල්දාදුවො වෙඩිකාල මරුන අව්සන් දින 2 ත් අහින්සක මිනිස්සු මැරෙන නිසා ප්‍රතිප්‍රහාර නොදීමෙන්.

:       1       5

චන්දන Thursday, 19 October 2023 10:17 AM

උතුරෙ යුද්දෙ කාලෙ අපිටත් කියන්න තිබුනේ එල්ටීටීඊ ප්‍රහාර තමයි එල්ටීටීඊ එකටම වැරදිලා ගිහිල්ල තියෙන්නෙ කියල

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 970 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site