
චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් ලී ෂැන්ග්ෆූ එම ධුරයෙන් ඉවත් කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය පියවර ගෙන ඇත.
65 හැවිරිදි ලී ෂැන්ග්ෆූ ධුරයෙන් ඉවත් කිරීමට පෙර පසුගිය මාස කිහිපය පුරාවට අතුරුදන්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
ලී ෂැන්ග්ෆූ වෙනුවට එම ධුරයට පත් කරන්නේ කවුරුන්දැයි චීන රජය මෙතෙක් නිවේදනය කර නැත.
මාස 3 ක කාලයක් ඇතුළත, චීන රජයේ ජ්‍යෙෂ්ඨයකු අමාත්‍යවරයකු ධුරයෙන් ඉවත් කෙරුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර, චීන විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ 57 හැවිරිදි සිං ගැන් එම තනතුරෙන් ඉවත් කළේය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාවෝගේ මුණුබුරා තමා ඔතැනට එන්නේ...
අපේ වෙල්විදානේ තුමා හමුදා සේවයෙන් ඉවත් වූ පසු හැසිරෙන කෂඩ විලාසය නොවන්නට මෙම තනතුරට එතුමා පත් කරන්නට චීන රජය ෂුවර් එකටම කල්පනා කරයි.
මට නම් ඕවා ගන්න බැහැ...