
ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ වෙඩි තැබීම් කළ පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට පොලිසිය සමත් වී සිටී. පොලිසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි රොබට් කාඞ් නමැත්තා බවය.
වෙඩි තැබීම සිදුවූයේ මේන් ප්‍රාන්තයේ ලෙවිස්ටන් නගරයේය. වෙඩි තැබීමෙන් පසු රොබට් කාඞ් පලා ගිය බවත් ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෝ 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 60 ක් යැයි පැවැසෙයි.
රොබට් කාඞ්, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙකි. ඔහු මේන් ප්‍රාන්තයේ සාකෝ හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණු බව ද පැවැසෙයි. එම සිද්ධියෙන් පසු ඔහු මානසික රෝහලකට ඇතුළත් කෙරුණු බවත් සති දෙකක් එහි ප්‍රතිකාර ලැබූ බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd