ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට චීනය මැදිහත් වී සිටින අතර, චීන විදේශ අමාත්‍ය වැංග් යී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය එලී කොහෙන් සහ පලස්තීන පාලන අධිකාරියේ විදේශ අමාත්‍ය රිය්සදා අල් මලීකී සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට දේශසීමා හරහා එල්ලවුණු හමාස් ප්‍රහාරයෙන් පසු, පෙරළා පහර දීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළාය.
ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, තමන් දැඩි ලෙස කනගාටු වන බව ද චීන විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරියට පැවැසූ බව ද වාර්තා වේ.
හමාස් සටන්කාමීන්ගේ මතය ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ මතය නොවන බව පෙන්වා දෙමින්, පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලීකී ප්‍රකාශ කළේ පලස්තීනය සැමවිටම සාමයට කැමැත්ත පළ කරන බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි