
කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එක් වූහ.
එම වැඩ වර්ජනයට අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරිය කැත්‍රීන් යාකොබ්ස්ටෝටර් ද එක් වීම සුවිශේෂි සිදුවීමක් විය.
අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ එරට පැවැත්වුණු විශාලතම වැඩ වර්ජනය මෙය බවය.
කාන්තාවන්ට, පිරිමින්ට මෙන්ම සමාන වැටුප් හිමිවිය යුතු බවත්, රැකියා අවස්ථා හිමිවිය යුතු බවත්, වැඩ වර්ජනයට සහභාගී වුණු කාන්තාවෝ පෙන්වා දුන්හ.
විරෝධතා සහ වැඩවර්ජන පැවැත්වුවත් ලෝකයේ කාන්තාවන්ට හිතකරම රට ලෙස වසර 14 ක් තිස්සේ ඉදිරියෙන්ම සිටින්නේ ද අයිස්ලන්තයයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා වැවීම, කුණුහරුප කීම, පිරිමින්ට තගරි දැමීම වගේ අයිතිවාසිකම් ගැන ඉගෙනගන්න ඕනෑ නම් අපේ ඩයනා ගමගේව ගෙනියන්න. අමතර පාඩම් විදියට බෙල්ල පටලවාගෙන ඉස්පිරිතාලේ යන විදිහ උගන්වනවා.
හරක්කටා, බුරුමුණා කියන නම් තමන්ම දාගත්තේ නැති උනාට PAATA හොරා වගේ නම් තමන්ම දාගන්න මිනිස්සු ඉන්නවා. තමන් විසින් තමන්ම බාල්දු කරගන්න මිනිස්සු අනික් මිනිස්සු බාල්දු කරන එක පුදුම නැහැ. පව් නේද?