
ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය යනු, මුස්ලිම් අරාබි රටවල් මැද ඇති එකම යුදෙව් රාජ්‍යයයි. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි.
ලොස් ඇන්ජලීස්, නිව්යෝක්, ලන්ඩන්, පැරිස්, බැංකොක්, ඇතන්ස් සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පැමිණෙන ගුවන් යානා සියල්ල පිරී ඇත්තේ ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වී, සටන් බිමට යෑමට ද පසුබට නොවන ඊශ්‍රායල වැසියන්ගෙන් යැයි මාධ්‍ය වාර්තා මාධ්‍ය වාර්තා පැහැදිලි කර ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ යුදෙව්වන් 10,000 කට වැඩි පිරිසක් සාමාන්‍ය මගී ගුවන් යානාවලින් හෝ කුලියට ගත් ගුවන් යානාවලින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා පැමිණ ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායල රජය, එරට අතිරේක හමුදා බලඇණිවලට සම්බන්ධ 3,60,000 ක පිරිස සේවයට කැඳවා ඇති අතර, විදේශගතව ජීවත් වන ඔවුන්ගෙන් වැඩි දෙනකු ද මේ වනවිටත් ඊශ්‍රායලය බලා පැමිණ ඇතැයි ඊහ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යුද්ධය ගැන නිවැරදිම දේ මොකද්ද කියා කිව නොහැකියි. නමුත් මට සිහිවෙන්නේ අපේ හමුදාවන් කොටි ත්‍රස්තවාදීන් සමඟ තදින්ම සටන් කරන සමයේ අපේ නියම සිංහල කොල්ලෝ බොදි බැඳී හමුදාවන්ට බැඳෙන්නට ගිය හැටි. රටට දැයට ආදරය ඇති මිනිසුන් කොහෙත් ඉන්නවා...
අන්න බලන්න... නියම දේශානුරාගය... ඊශ්‍රායලයේ සියලු දේශපාලකයන් ජාතික ප්‍රශ්නයකදී එකම පැත්තක් ගන්නවා. ලොව වටා ඉන්න රට වැසියන් යුද්ධයට එනවා. ලෝකයටම එකයි තියෙන්නේ... මෙවැනි ආදර්ශමත් රටක්...
සිංහලයාට ඇති එකම රට ලංකාවයි. ඒත් ලංකාවට මොකක් හරි ප්‍රශ්ණයක් වුණාම ඒකේ ඉන්න මහා සිංහලයාට යන්න රටවල් මදිය. ආර්ථික අර්බුදය ආවාම ඒ ජාතියේ හැම එකාම රට පැන ගත්හ. එකෙක්වත් හරි අපි ප්‍රශ්ණය විසඳමු කියා නායකත්වයක් ගත්තේද නැත. නිහීන නිවට නියාලු ජාතියකත් ශ්‍රේශ්ඨ ජාතියකත් අතර වෙනස ඒකයි... කලින් හිටපු සිංහලයාට, යුදෙව්වන්ට මෙන්ම කොන්දක් තිබූ නිසා තාමත් සිංහලයා ඉතිරි වී තිබේ. සිංහල ජාතිය තව අවුරුදු 20ක් ලෝකෙ තිබ්බොත් ඒක අනෙක් සියලු ලෝක පුදුමයන් අභිබවා පළවෙනි ලෝක පුදුමය බවට පත්වෙන්නේය...
මේ මිනිස්සුන්ගේ ක්‍රියාවයි අපේ ආත්මාර්ථකාමී අයගේ හැසිරීමයි දැක්කාම මට ආපු හැඟීම මේ... ප්‍රශ්න අස්සේ අපේ රට දාලා යන්නේ නැතුව අපේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන්, තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන් කෙරෙහි අනුකම්පාවෙන්, රට ගැන ආදරෙන් ඉන්න, යන්න ඕනෑතරම් හැකියාව තියෙන උගත්, බුද්ධිමත් ශ්‍රී ලාංකික සියලුම දෙනාට මාගේ හෘදයාංගම ගෞරවය පුදකරමි...!
එක අඅතකින් ඒහෙට ගිහින් ජීවිතය නැති වුණත් කමක් නැහැ. මෙහෙම දුක් විඳිනවාට වැඩිය. අහස උසට බඩු ගණන්. විදුලි බිල දරාගත නොහැකි තරමට වැඩිවෙලා....
එකඑක මගඩිවලින් සල්ලි හොයාගෙන ලෝකයේ මුදල්වලින් 80% ක් පමණ තියාගෙන ඉන්න මිනීමරු යුදෙව්වන් ඔක්කොම එකට දාලා වැඩක් දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි. හිට්ලර්ටවත් බැරිවුණු ඒ දේ මේ සැරේ කවුරුහරි කළොත් දෙවියෝත් සතුටුවේවි. දෙවියන්ටත් අකීකරුවෙලා දේව ශාපය පිට ඉන්න යුදෙව්වන්ගේ අවසාන සටන මෙය වේවා...!
නියමයි, ඊශ්‍රායලයට ජය නියතයි...!
කොයිරටේ වුණත් සිය රටට ආදරේ මිනිස්සු එහෙම තමා. ඒ අතින් බලනකොට අපි ඉන්න තැන අපිම දන්නවනේ අපේ වුන් දන්නේ හැමදේම අවතක්සේරු කරන්න. මතකද ඒ කුහකයින්ට අලිමංකඩ පාමංකඩ/ කිළිනොච්චිය මැදවච්චිය වගේ පෙනුන හැටි. අටපාස් අයනේ... ඔච්චර පඩියක් මොකටද? ඔන්න ඔවුන්ට තියෙන ප්‍රස්න... එහෙම කියන අය මැදවච්චියෙන් එහාට පය ගහපු අය නෙවෙයි...
ඇයි ඒ අය ආවේ..? ළමයින් මරන්න...?
ශ්‍රී ලංකාව කියන්නේ සිංහලයින්ගේ එකම රට...!
හොඳ රටක්...!
අපි සියළු දෙනාම හැමාදාම ඉන්න ආපු අය නෙව්යි යන කොට ඔය කිසි දෙයක් අරන් යන්නේ නැ නේ ඔය ප්‍රශ්න ඇයි කතා කරලා විසදා ගන්න බැරි
ඕවා ඉතින් ලෝක බලවතුන්ගේ ගිනිගෙඩි තමයි...
ඕවා ඉතින් ලෝක බලවතුන්ගේ ගිනිගෙඩි තමයි...
ලෝකයේ තියෙන හොඳම රට ඊශ්‍රායලය...
ඊශ්‍රායල් ජාතිකයින් තමන්ගේ ජාතියට කොතැනකදීත්, එකිනෙකාට, ගරුකරනවා, පිහිට උපකාර වෙනවා. ඒ නිසා, ඔවුන්, ඔවුන්ගේ රටට, ජාතියට ඉමහත් ආදරයක් දක්වනවා.. සංසන්දනාත්මකව, ඇමරිකානුවන් පවා යුදෙව්වන්ගේ බුද්ධිය හා ප්‍රඥාව හා එකමුතුකම මත පරාදයි. ඒත්, මේ ලංකාවේ පුහු දේශප්‍රේමීන් ඊශ්‍රායල් ජාතිය හා කෙසේනම් සංසන්දනය කරන්නද..? නුඹලාට අනුන්ගේ රටවල තබා තමන්ගේ රටේදීවත් එකිනෙකාට ගරුකිරීමක් තියනවාද..? හරියට නිකම් බල්ලෙකුට බල්ලෙක් මුණගැසුණා වගේ බුරාගෙන කන්න කඩා පනිනවා... පිටරටක තානාපති කාර්යාල සේවකයින් නුඹලාට ගරුකරමින් අවශ්‍ය සේවය සපයා දෙනවද...? රැවුම් ගෙරවුම් එහෙම මේ පුහු දේශප්‍රේමීන් අත්විඳලා නැතිව ඇති නේද..? ලාංකිකයින් තරම් අන්ත අසරණ අනාත ජාතියක් ලොවෙත් නැහැ බන්... ඇඟේ පතේ හයියෙන් තමයි ජීවත් වෙන්නේ... ඒ නිසා දේශප්‍රේමේ ඔලුවට ගහලා මෙතන තප්පුලන්නේ නැතිව නැට්ට බඩ යට ගහගෙන හිටපල්ලා...!!!